December 29, 2025

කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් හා නීතිඥවරියක අතර ඇතිවූ ගැටුම සමථයකට පත්කිරීම සඳහා සමථ මණ්ඩලයට යොමුකිරීමට පොලිසිය කළ යෝජනාව නීතිඥවරියගේ පාර්ශ්වය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

කඩුවෙල අධිකරණයේ නීතිඥවරියක හා පැවැති ගැටුමට අදාළව නගරාධිපතිවරයාට පොලිසියට පැමිණ කරුණු දැක්වීමට පොලිසිය විසින් දැනුම් දී තිබූ අතර ඔහු දෙවන වතාවටත් එහි පැමිණ නැත.

අසනීප තත්ත්වයක් නිසා තමන්ට පැමිණීමට නොහැකි බව පවසා නගරාධිපතිවරයා විසින් පොලිසියට ලිපියක් ඉදිරිපත් කර ඇත.

මෙම ගැටුම සමථයකට පත්කිරීම සඳහා සමථ මණ්ඩලය වෙත යොමුකිරීමට පොලිසිය යෝජනා කර ඇති අතර නගරාධිපතිවරයාට එරෙහිව පැමිණිලි කළ නීතිඥවරිය පොලිසිය කළ එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර තිබේ.