
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වත්මන් රජයේ ඇමැතිවරුන් 06 දෙනකුට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ, අයථා වත්කම් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇතැයි ‘දිවයින’ පුවත්පත වාර්තා කරයි.
ඒ අනුව, කැබිනට් ඇමැතිවරුන් පස්දෙනකුට සහ එක් නියෝජ්‍ය ඇමැතිවරයකුට එරෙහිව වත්කම් සොයාගත් ආකාරය සම්බන්ධයෙන් මෙලෙස විමර්ශනයක් සිදු කිරීමට එම කොමිෂන් සභාව තීරණය කර ඇත.
කැබිනට් ඇමැතිවරුන් වන, බිමල් රත්නායක, වසන්ත සමරසිංහ, කුමාර ජයකොඩි, සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස යන මහත්වරුන්ට සහ නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල මහතාට එරෙහිව මෙම විමර්ශන ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අල්ලස් කොමිසම සඳහන් කරයි.
අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති, ජාමුනි කමන්ත තුෂාර විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිල්ලකට අදාළව මෙලෙස විමර්ශන ආරම්භ කර තිබේ.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ජාමුනි කමන්ත තුෂාරට අනිද්දා (30දා) අල්ලස් කොමිසම හමුවේ පෙනීසිටින ලෙස ද දන්වා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart