December 12, 2025

මෙරට දේශපාලනය තුළ පවතින බරපතලම ගැටලුවක් වන්නේ වැඩ කරන පුද්ගලයාට අවස්ථාවක් ලබා නොදීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ 2015 එක්සත් ජාතික පක්ෂය පාලන සමයේදී ආරම්භ කළ ජාතික රක්ෂණ භාර අරමුදල අත් හිටුවිමට ඉන් අනතුරුව පාලනයට පැමිණි පිරිස් විසින් කටයුතු කිරීම පිළිබඳ අදහස් දක්වමින් ය.

අනතුරුව ගෙන ආ ආපදා කළමනාකරණ සැලැස්මට සමගාමීව හෝ එම රක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සිය කණස්සල්ල පළ කළේය.

එවැනි තත්වයන්ට හේතු වුයේ පාලකයන් තුළ රට සම්බන්ධයෙන් ඉදිරි දැක්මක් නොතිබීම බව ද ඔහු චෝදනා කළේය.