December 13, 2025

2023 සිට 2025 දක්වා වාණිජ බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන මගින් ලබා දුන් රන් ආශ්‍රිත ණය ප්‍රමාණයේ මුලු වටිනාකම කොපමණදැයි ආණ්ඩු පක්ෂය වෙත ප්‍රශ්නයක් යොමු කළේය.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් විමසා සිටියේ රන් පවුම්, වාහන කල්බදු සහ හරපත් සඳහා 2023 සිට 2025 දක්වා වාර්ෂික වර්ධනය රුපියල් සහ ප්‍රතිශතය කොපමණදැයි ආණ්ඩු පක්ෂයෙන් විමසා සිටින බවයි.

ස්ථාවර නියෝග 27 (2) යටතේ තමන් මෙම ප්‍රශ්න යොමු කරන බව ද මන්ත්‍රීවරයා එහිදී පැවසුවේය.

එමෙන්ම මන්ත්‍රීවරයා විමසා සිටියේ රන් පවුම්, වාහන කල්බදු සහ හරපත් යන කාණ්ඩ 03 හි ණය ගුණාත්මකභාවය බිඳ වැටීම හෝ නව අවදානම් මහ බැංකුව මගින් හඳුනාගෙන තිබේ ද යන්නයි.

හඳුනාගෙන තිබේ නම් ඒ සඳහා ගනු ලැබූ නියමිත හෝ අධීක්ෂණ පියවර මොනවාද යන්න සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා විමසා සිටියේය.