
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නායයෑම් අවදානම හේතුවෙන් බදුල්ල ස්ප්‍රින්ග් වැලි ප්‍රාදේශීය රෝහල තාවකාලිකව වසා දමා ඇති බව ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
මේ හේතුවෙන් ස්ප්‍රින්ග් වැලි වතුයායේ සේවකයන් සහ ස්ප්‍රින්ග් වැලි ඇතුළු ගම්මාන පහක රෝගීන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන ප්‍රකාශ කළේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥයන් විසින් කරන ලද පරීක්ෂණවලින් රෝහල ඉදිරිපිට පිහිටි නමුණුකුල කඳු වැටියේ බෑවුමෙන් රෝහලට නායයෑමේ තර්ජනයක් ඇති විය හැකි බව අනාවරණ කර ඇති බවයි.
කෙසේවෙතත්, රෝගීන්ට ඇති වන අපහසුතා අවම කිරීම සඳහා ප්‍රදේශයේ අභයපුර ප්‍රජා ශාලාවේ බාහිර රෝගී ප්‍රතිකාර සේවා ආරම්භ කර ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
රෝහලේ අවදානම් තත්ත්වය පිළිබඳ අතිරේක තක්සේරු කිරීම් සිදුකෙරෙමින් පවතින අතර, රෝහලේ සේවාවන්ගෙන් කොටසක් එකම ස්ථානයක පවත්වාගෙන යෑමේ හැකියාව කෙරෙහි අවධානය යොමුකර ඇති බව ඔහු තවදුරටත් සඳහන් කළේය.
මේ අතර, තාවකාලික බාහිර රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයට ළඟා වීමට පවා අපහසු වන පරිදි ප්‍රවේශ මාර්ග අවහිර වී ඇති බව ප්‍රදේශවාසීහු කියා සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart