December 16, 2025

මෙරට විදත් මාධ්‍ය සන්නි­වේ­ද­නයේ පුරෝ­ගා­මියා ලෙස සැල­කෙන ශ්‍රී ලංකා ගුව­න් වි­දුලි සංස්ථාවේ සිය­වස් සැම­රුම අදට (16) යෙදී තිබේ.

ඒ වෙනු­වෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරි­ශ්‍රයේ සර්ව රාත්‍රික පරි­ත්‍රාණ ධර්ම දේශ­න­යක් හා සියක්නමක් විෂ­යෙහි සපි­රි­කර සංඝ­ගත දක්ෂි­ණා­වක් පැවැ­ත්වී­මට කට­යුතු කර ඇත.

සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජය­තිස්ස ඇතුළු මැති ඇමැ­ති­ව­රුන් පිරි­සක් මෙන්ම සංස්ථාවේ ප්‍රග­ම­න­යට දායක වූ සම්භා­ව­නීය මාධ්‍ය­වේ­දීන්, ඉංජි­නේරු අංශය, ප්‍රවී­ණ­යන් විද්ව­තුන් මෙන්ම සංස්ථා කාර්ය මණ්ඩ­ල­යද සහ­භාගි වීමට නියමිතය.

ශ්‍රී ලංකා පද­නම් ආය­ත­නයේ සිට ගරු­තර ස්වාමීන් වහන්සේ පා ගම­නින් මුතු­කුඩ යටින් ශ්‍රී ලංකා ගුව­න්වි­දුලි සංස්ථා­වට වැඩම කිරී­මට ද නිය­මි­තය.

බ්‍රිතාන්‍ය ආණ්ඩු­කාර හියු ක්ලිෆර්ඩ්ගේ මුලි­ක­ත්ව­යෙන් 1925 දෙසැ­ම්බර් 16 වැනිදා මෙරට ගුව­න්වි­දුලි සේවා නිල වශ­යෙන් ආරම්භ කෙරිණි.

ආර­ම්භයේ දී විදුලි සන්දේශ දෙපා­ර්ත­මේ­න්තුව යටතේ පැවැති ගුව­න්වි­දුලි සේවය 1949 ඔක්තෝ­බර් 01 වැනිදා රේඩියෝ සිලෝන් යන නමින් නව දෙපා­ර්ත­මේ­න්තු­වක් ලෙස ප්‍රති­ස්ථා­ප­නය කෙරිණි.

ජෝන් ඒ. ලැම්ප්සන් ගුව­න්වි­දුලි දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රථම අධ්‍ය­ක්ෂ­ව­ර­යායි. 1967 ජන­වාරි 05 වැනිදා ලංකා ගුව­න්වි­දුලි දෙපා­ර්ත­මේ­න්තුව සංස්ථා­වක් ලෙස යළි ප්‍රති­ස්ථා­ප­නය කෙරුණු අතර, නෙවිල් ඩී. ජය­වීර එහි ප්‍රථම සභා­පති හා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා විය.

මේ වන­විට ශ්‍රී ලංකා ගුව­න්වි­දුලි සංස්ථාව දේශීය වශ­යෙන් සිංහල සේවා තුනක් දෙමළ සේවා දෙකක් සහ ඉංග්‍රීසි සේව­යක් ප්‍රචා­රය කරයි. විදේ­ශීය සේවා පහක් ප්‍රචා­රය කෙරේ.

රජ­රට රුහුණ, කඳු­රට, වයඹ හඬ, යාප­නය, ඌව ගුව­න්වි­දු­ලිය හා පිරෙයි එෆ්.එම්. සංස්ථාව සතු ප්‍රාදේ­ශීය සේවා වෙයි.

දඹාන රේඩි­යෝව ප්‍රජා ගුව­න්වි­දු­ලි­යක් ලෙස ක්‍රියා­ත්ම­කය.

ආසි­යාවේ ප්‍රධා­න­තම ගී තැටි පුස්ත­කා­ලය ජාතික ගුව­න්වි­දු­ලිය සතුව ඇත.

ඉන්දි­යාවේ ද සොයා­ගත නොහැකි ඉතා­මත් දුර්ලභ හින්දි ගී තැටි ජාතික ගුව­න්වි­දු­ලිය සතුය.

ලෝකයේ විවිධ ජන නාය­ක­යන්ගේ හඬ කොටස් ඇති එකම පුස්ත­කා­ල­ය­ටද ජාතික ගුව­න්වි­දු­ලිය හිමි­කම් කියයි.

ආසි­යාවේ පළමු ගුවන් විදුලි සේවය වශ­යෙන් ආරම්භ වූ ජාතික ගුවන් විදු­ලිය ශ්‍රී ලාංකේය සංස්කෘ­තියේ ජාතික අන­න්‍ය­තාව රැක­ගැ­නීම උදෙසා කළ මෙහෙ­වර අද්වි­තී­යය.

මෙරට භාෂාව සාහි­ත්‍යය නාට්‍ය ආධ්‍යා­ත්මික ගුණ වගා, සෞඛ්‍යය, කෘෂි­ක­ර්මය, ජාතික සංව­ර්ධ­නය, ජාතික සම­ඟිය හා සංහි­ඳි­යාව උදෙසා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා­ත්‍ර­යෙන්ම වැඩ­ස­ට­හන් ප්‍රචා­රය කර­මින් ජාතිය පෝෂ­ණය කිරී­මට ජාතික ගුව­න්වි­දු­ලිය සමත් විය.
(දිනමිණ)