
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයට අයත් පැරණි උද්‍යාන සංකීර්ණ භූමියක රුපියල් මිලියන 170 ක අරමුදල් සහිත ගෘහස්ථ ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට රජය ගත් පියවරට එරෙහිව යාපනය මහේස්ත්‍රාත්වරයා විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ඊට අදාළ පෙත්සම ඉදිරිපත් කළ පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් අක්කර පහක ඉඩම පිළිබඳ කරුණු ඉදිරිපත් කරමින් තර්ක කළේ, එය 1853 දී පළමු බ්‍රිතාන්‍ය යටත් විජිත රජයේ නියෝජිත සර් පර්සිවල් ඇක්ලන්ඩ් ඩයික් විසින් තෑග්ගක් ලෙස පරිත්‍යාග කරන ලද බැවින් එය පුණ්‍යාධාර භාර දේපළක් ලෙස ලියාපදිංචි කර ඇති බවයි.
නොවැම්බර් 10 වන දින කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් පසු අදාළ පරිශ්‍රයේ ඉදිකිරීමට යෝජිත ගෘහස්ථ ක්‍රීඩාංගනය සඳහා මුල්ගල් තැබූ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස අමාත්‍ය බිමල් රත්නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලන්කුමාරන් සහභාගී වූහ.
ගෘහස්ථ ක්‍රීඩාංගනයක් ඉදිකිරීමේ රජයේ සැලැස්ම පිළිබඳව පෙත්සම්කරු දැනුවත් වී ඇත්තේ ජනමාධ්‍ය වාර්තා මගින් බවත්, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී කුරුලු අභයභූමියට සහ උද්‍යානයට එල්ල වන පාරිසරික බලපෑම පිළිබඳව කනස්සල්ල පළකරමින් අධිකරණයේ මැදිහත්වීම ඉල්ලා සිටි බවත් ජනාධිපති නීතීඥවරයා අධිකරණයට දන්වා ඇත.
1990 සිට 1995 දක්වා යුද සමයේදී පවා යාපනය දැනට අක්‍රියව පවතින දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE) සංවිධානයේ හමුදා පාලනය යටතේ පැවති විට, දේපළ ආරක්ෂා කර ඇති බව ද පෙත්සම්කාර පාර්ශවය අධිකරණයට දන්වා ඇත.
වත්මන් දිස්ත්‍රික් ලේකම් එම්. පිරතීපන්ගෙන් සමන්විත දසදෙනෙකුගෙන් යුත් භාරකාර කමිටුවක් මැයි 20 වැනි දින පැවති රැස්වීමකින් පසුව තීරණය කර ඇත්තේ කිසිදු සංවර්ධන කටයුත්තක් සඳහා අනුමැතිය ලබානොදීමට බව ද අධිකරණයට දන්වා ඇත.
රැස්වීම අතරතුර, විවෘත රංග ශාලාවක් සහ පිහිනුම් තටාකයක් ඉදිකිරීමේ යෝජනාවක් ද භාරකාර කමිටුව ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ වෙනුවට, දේපළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විෂය පථයට අයත් බැවින්, ඒ වටා ආරක්ෂිත වැටක් ඉදි කළ යුතු බවට යෝජනා වී තිබේ.
ගෘහස්ථ ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් යෝජනා කරන ලද්දේ, ගෘහස්ථ ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීම සහ කලාපයේ නවීන ක්‍රීඩා පහසුකම් සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීමේ අරමුණින් ය.
ලබන සිකුරාදා අධිකරණය නඩුව විභාග කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart