
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස් නිලධාරීන් සහ බැංකු නිලධාරීන් ලෙස පෙනසිටිමින් සංවිධානාත්මක වංචා මෙහෙයවන අපරාධ කණ්ඩායම්වලින් ලැබෙන වංචනික දුරකථන ඇමතුම් පිළිබඳ පැමිණිලි ඉහළ ගොස් ඇති බැවින් ඒ පිළිබඳ සුපරීක්ෂාකාරීව සිටින ලෙස පොලිසිය මහජනතාවට දැනුම්දෙයි.
පොලිසිය පවසන්නේ මෙම වංචාකරුවන් මහජනතාව බියගැන්වීමට සහ රැවටීමට උත්සාහ කරමින් පොලිසියේ, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ, මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ හෝ බැංකු නියෝජිතයන් ලෙස ව්‍යාජව පෙනීසිටින බවයි.
පොලිසියට අනුව, වංචාකරුවෝ සාමාන්‍යයෙන් මුදල් විශුද්ධිකරණය හෝ මූල්‍ය අපරාධ වැනි බරපතල වැරදි සඳහා යමකු විමර්ශනයට ලක්ව ඇති බවට ව්‍යාජ ප්‍රකාශ සිදුකර ඔවුන් වහාම අත්අඩංගුවට ගැනීම හෝ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පවසමින් ඔවුන්ව බියට පත්කරති.
එමෙන්ම පුද්ගලයන්ගේ විශ්වසනීයත්වය ලබාගැනීම සඳහා, මෙම අපරාධකරුවන් බොහෝවිට වින්දිතයාගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ මෑත කාලීන බැංකු ගනුදෙනු වැනි ඇතැම් පෞද්ගලික තොරතුරු උපුටා දක්වන බව ද පොලිසිය පවසයි.
එමෙන්ම අදාළ සිදුවීම් දැඩි ලෙස රහසිගතව තබාගැනීමට ඔවුන් වින්දිතයන්ට උපදෙස් දෙන බවත් පොලිසිය පවසයි.
එමෙන්ම පොලිසිය පෙන්වාදෙන්නේ ඇතැම් අවස්ථාවලදී, වංචාකරුවන් වීඩියෝ ඇමතුම් හරහා, ව්‍යාජ කාර්යාල හෝ නිල ඇඳුම් ප්‍රදර්ශනය කිරීමෙන් වින්දිතයන් හමුවේ ඔවුන් පොලිස් නිලධාරීන් ලෙස පෙන්වදීමට උත්සහ කරන බවයි.
වංචාවේ අවසාන අදියර වන්නේ නිශ්චිත බැංකු ගිණුම් වෙත මුදල් තැන්පතු ඉල්ලා සිටීමයි.
බොහෝවිට අරමුදල් සත්‍යාපන අරමුණු, තාක්ෂණික නිෂ්කාශනය හෝ වෙනත් කටයුතු සඳහා අවශ්‍ය බව පවසමින්. ගිණුම් අංක, PIN, OTP කේත හෝ හැඳුනුම්පත් ලේඛනවල පිටපත් වැනි සංවේදී පෞද්ගලික සහ බැංකු තොරතුරු හෙළිකිරීමට එම අපරාධකරුවන් වින්දිතයින්ට බලපෑම් කළ හැකි බව ද පොලිසිය පවසයි.
ඒ අනුව පොලිසිය අවධාරණය කරන්නේ කිසිදු පොලිස් නිලධාරියකු හෝ රජයේ ආයතනයක් කිසි විටෙකත් දුරකථනයෙන් මුදල්, බැංකු තොරතුරු හෝ රහස්‍ය පෞද්ගලික තොරතුරු ඉල්ලා නොසිටින බවයි.
අත්අඩංගුවට ගැනීම්, සිතාසි හෝ නීතිමය දැනුම්දීම් කිසි විටෙකත් දුරකථන ඇමතුම් හරහා සන්නිවේදනය නොකරන බවත්, එම කටයුතු සිදු කෙරෙන්නේ නිල නිවේදන හෝ අධිකරණ සිතාසි වැනි නිසි නීතිමය ක්‍රියා පටිපාටි හරහා පමණක් බවත් පොලිසිය ජනතාවට දැනුම් දෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart