
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ වරාය අසල සිදුවෙමින් පැවති තෙල් කාන්දුව පැය අටක් ඇතුළත පාලනය කර තිබේ.
ඊයේ (14) අලුයම කොළඹ වරාය අසල වාර්තා වූ මෙම තෙල් කාන්දුව සාර්ථකව පාලනය කර ඇති බව බලධාරීන් ප්‍රකාශ කර ඇත.
එම්ටී ඒඑස්පී අවනා නෞකාවෙන් ගොඩබෑමේ මෙහෙයුම් සිදුකරන අතරතුර ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් බොරතෙල් ගොඩබෑමේ බෝයාව අසල මෙම කාන්දුව සිදුවිය.
බෝයාවට සම්බන්ධ නල මාර්ගයක දෝෂයක් හේතුවෙන් මෙම කාන්දුව සිදුවී ඇති බව නිලධාරීන් සඳහන් කර ඇත.
අලුයම 3.30ට පමණ කාන්දුව වාර්තා වූ අතර, පසුව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් ස්ථානීය පරීක්ෂණය සිදු කර තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ලංකා ඛනිජ තෙල් ටැංකි පර්යන්ත සමාගම සහ පෞද්ගලික අංශයේ සහාය ඇතිව පිරිසිදු කිරීමේ මෙහෙයුම් වහාම ආරම්භ කර තිබිණි.
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක නෞකාව වන ‘සමරක්ෂා’ භාවිත කරමින් තෙල් ප්‍රතිසාධන මෙහෙයුම් සිදුකරනු ලැබේ.
බලධාරීන් පැවසුවේ කාන්දු වූ තෙල්වලින් සැළකිව යුතු ප්‍රමාණයක් දැනටමත් ගොඩගෙන තෙල් ප්‍රතිසාධන පහසුකම් සහිත යාත්‍රා භාවිතයෙන් ගොඩබිමට ප්‍රවාහනය කර ඇති බවයි.
පෞද්ගලික අංශයේ යාත්‍රාවල සහාය ඇතිව ඉතිරි සුළු තෙල් ප්‍රමාණයන් එකතු කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතී.
සිද්ධියෙන් පැය අටක් පමණ ඇතුළත තෙල් කාන්දුව පාලනය කළ බවත් සමුද්‍ර පරිසරයට, මත්ස්‍ය සම්පතට, අනෙකුත් සමුද්‍ර ජීවීන්ට හෝ වෙරළබඩ සහ ධීවර ප්‍රජාවන්ට කිසිදු බලපෑමක් සිදුවී නොමැති බවත් සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසීය.
තෙල් පැතිරීම සහ චලනය නිරීක්ෂණය කිරීමට ගුවන් නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් සහාය වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද යොදවා ඇත.
නිරීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ වත්මන් මුහුදු තත්ත්වයන් සහ සුළං දිශාව මත පදනම්ව, තෙල් ශ්‍රී ලංකාවේ වෙරළ තීරයෙන් ඉවතට ගසාගෙන යන බවයි.
තත්ත්වය නිරීක්ෂණය කිරීම දිඅඛණ්ඩව කරගෙන යන බවත් යම් වෙනස්කම් තිබේ නම් තවදුරටත් යාවත්කාලීන කිරීම් නිකුත් කරන බවත් සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart