
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා වෙරළට සැතපුම් සිය ගණනක් ඔබ්බෙන් ඉන්දියානු සාගරයේ යාත්‍රා කළ භාණ්ඩ නෞකාවකට ගොඩ වූ එක්සත් ජනපද විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්, චීනයේ සිට ඉරානය බලා රැගෙන යමින් තිබූ හමුදාමය ලිපිලේඛන තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කර තිබේ.
මෙම සිදුවීම පසුගිය මාසයේ සිදු වූ බව ද සඳහන් වේ.
මෙය ඉරානයේ හමුදා අවි ගබඩාව නැවත ගොඩනැගීම වැළැක්වීම අරමුණු කරගත් දුර්ලභ ගණයේ තහනම් මුහුදු මෙහෙයුමක් බව වෝල් ස්ට්‍රීට් ජර්නලය සිකුරාදා වාර්තා කළේය.
එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධානයට අනුයුක්ත භට පිරිස් නෞකාව වටලා තිබූ අතර, නෞකාවට ඉදිරියට යෑමට ඉඩ නොදී භාණ්ඩ රාජසන්තක කළ බව එහි සඳහන් විය.
එක්සත් ජනපද බුද්ධි අංශ මාස ගණනාවක් තිස්සේ නැව්ගත කිරීම නිරීක්ෂණය කරමින් සිටි බැව් වාර්තා වේ.
අදාළ වැටලීම, ජුනි මාසයේදී එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ටෙහෙරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට දැඩි හානියක් සිදු කළ දා සිට ඉරාන මිසයිල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ඔවුන්ගේ මිලිටරි ප්‍රසම්පාදන උත්සාහයන් කඩාකප්පල් කිරීමට පෙන්ටගනය ගනු ලැබූ උත්සාහයක පියවරකි.
මේ අතර එක්සත් ජනපද ආරක්ෂක බලධාරීන්ට අනුව, වෙනිසියුලාවේ වෙරළට ඔබ්බෙන් වූ තෙල් ටැංකියක් ද එක්සත් ජනපදය විසින් අල්ලා ගෙන තිබිණි.
එක්සත් ජනපද ආරක්ෂක බලධාරීන්ට අනුව, එය වෙනිසියුලාවේ සිට ඉරානයට තෙල් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරන ලද්දකි.
වෝල් ස්ට්‍රීට් ජර්නල වාර්තාවේ සඳහන් වූයේ, මෙම වැටලීම මගින් ට්‍රම්ප් පරිපාලනය මෑත අතීතයේ දී එක්සත් ජනපදය කලාතුරකින් භාවිත කරන තම විරුද්ධවාදීන්ට එරෙහි ආක්‍රමණශීලී සමුද්‍රීය උපක්‍රම භාවිත කිරීම අවධාරණය කරන බවයි.
ඉරානයෙන් සහ චීනයෙන් අදහස් දැක්වීමක් ලබා ගැනීමට එක්සත් ජනපදය දිනපතා දැරූ උත්සාහයන්ට පිළිතුරු ලැබී නොතිබිණි.
මේ අතර, ඒජන්සි වාර්තා පැවසුවේ ඊයේ අලුයම ඉරානය ඕමාන් බොක්කෙහි තෙල් ටැංකියක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය යන රටවල කාර්ය මණ්ඩල සාමාජිකයන් 18 දෙනෙකු එහි සිටි බවයි.
“ඕමාන් මුහුදේ වෙරළට ඔබ්බෙන් නීතිවිරෝධී ඩීසල් ඉන්ධන ලීටර් මිලියන හයක් රැගත් තෙල් ටැංකියක් ගොඩබස්වා ඇත,” යනුවෙන් ඉරානය පදනම් කරගත් ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය හෝර්මොස්ගන් හි නිලධාරියකු උපුටා දක්වමින් වාර්තා කර තිබිණි.
පසුගිය මාසයේ ගල්ෆ් මුහුදේදී ඉරානය තෙල් ටැංකියක් අල්ලා ගෙන තිබුණේ ‘අනවසර භාණ්ඩ ප්‍රවාහනය කිරීම නිසා’ යැයි පවසමිනි.
එය වෙනත් රටකට එරෙහිව පළිගැනීමේ පියවරක් බවට එල්ල වන චෝදනා ඔවුන් ප්‍රතික්ෂේප කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart