
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරම්වල ප්‍රභූවරුන් මහවැලි ගඟ දෙපස (විශේෂයෙන්ම මහනුවර ප්‍රදේශයේ) නිසි අවසරයකින් තොරව පවත්වාගෙන යන හෝටල් සහ සංචාරක අවන්හල් දෙසීයකට වැඩි සංඛ්‍යාවක් පිළිබඳව පරිසර සහ ආපදා කළමනාකරණ අංශවල විශේෂ අවධානය යොමුවී ඇත.
මෙම ඉදිකිරීම් බොහොමයක් කර ඇත්තේ ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ හෝ මධ්‍යම පරිසර අධිකාරියේ හෝ කිසිදු අනුමැතියකින් තොරව බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.
ගඟ දෙපස ඉදිකර ඇති හෝටල් සහ අවන්හල් හේතුවෙන් ජලය බැසයෑමට දැඩි බලපෑම් එල්ල වී තිබෙන බව වාර්තාවේ.
මේ අතර මහනුවර ප්‍රදේශයේ ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රමිතීන්ට අනුව නිවාස ඇතුළු ඉදිකිරීම් කිසිවක් නායයෑමට ලක්ව නැති බව පරිසර සංවිධාන ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
එම සංවිධානවල ප්‍රමිතීන්ට අනුව ඉදිකෙරුණු නිවාස පිහිටි හන්තානකන්ද, බහිරවකන්ද, අතිවත්ත, වැව රවුම යන ප්‍රදේශවල කිසිදු නාය යෑමක් සිදුවී නැතැයි පෙන්වා දෙන පරිසර නිලධාරීහු නාය හානි වැඩි වශයෙන් සිදුවී ඇත්තේ ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රමිතීන්ට අනුකූල නොවන ආකාරයට ඉදිකර ඇති පහළ මධ්‍යම පාන්තික ජනතාවගේ නිවාසවලට බව අනාවරණය කරති.
එල් ආකාරයට කඳු කපා ආරක්ෂිත කණු සකස් නොකර එම පිරිස් මෙලෙස අවිධිමත් ආකාරයට නිවස ඉදිකර ඇති බව විමර්ශනවලදී පෙනීගොස් ඇත.
හන්තානවත්ත ප්‍රදේශය ගැන විවිධ කට කතා පැතිරුණත් එහි එක වැලි කැටයක් හෝ නාය ගොස් නැති බව පරිසර අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කළේය.(ඉරිදා ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart