
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිත්වා සුළි කුණාටුවෙන් පසුව බලපෑ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් දරුවන්ගේ ඡායාරූප, වීඩියෝ දර්ශන හෝ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය හෝ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය වේදිකා හරහා බෙදාහැරීමෙන් වළකින ලෙස ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මහජනතාවගෙන් සහ ජනමාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කර තිබේ.
එවැනි තොරතුරු බෙදාගැනීමෙන් ආපදාවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ අනන්‍යතාව සහ පෞද්ගලිකත්වය බරපතල ලෙස උල්ලංඝණය විය හැකි බවත්, ඔවුන්ගේ තොරතුරු සහ ඡායාරූප නීතිවිරෝධී අරමුණු සඳහා අනිසි ලෙස භාවිත කරන ජාවාරම්කරුවන් සහ අනෙකුත් අපරාධකරුවන් අතට පත්විය හැකි බවත් එම අමාත්‍යාංශය අනතුරු අඟවයි.
ළමා සූරාකෑම සහ ජාවාරම ඇතුළු ක්‍රියාවන් සඳහා එවැනි තොරතුරු භාවිත කරන හෝ බෙදාහරින පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද එම අමාත්‍යංශය පවසයි.
ආපදාවෙන් පීඩාවට පත් ළමුන්, පශ්චාත් ආපදා ළමා ජාවාරම් සිදුවීම් හෝ එවැනි ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ ඕනෑම තොරතුරක් 1929 ළමා උපකාරක සේවාවට හෝ ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරියාට හෝ ළමා ආරක්ෂක නිලධාරියාට වාර්තා කරන ලෙස ද එම අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart