
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් සංජය වනසිංහ ඊයේ (20) වැඩ භාරගෙන ඇත.
ඔහු යුද හමුදාවේ 11 වන යුද හමුදාපති, ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරී හා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ ජනරාල් හැමිල්ටන් වනසිංහගේ වැඩිමහල් පුත්‍රයා වේ.
හිටපු යුද හමුදාපතිවරයකුගේ පුතෙකු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුර දක්වා උසස් වූ පළමු අවස්ථාව මෙය වේ.
ඔහු තම පියා විසින් ආරම්භ කළ සැගවුණු වෙඩික්කරුවන්ගේ (ස්නයිපර්) බලකායට කැපී පෙනෙන ලෙස අණදුන් නිළධාරියකු ලෙස හැඳින්වේ.
කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා 1987 මාර්තු 16 දින යුද හමුදා නිත්‍ය බල සේනාවට එක් වූ ඔහු පුහුණුව අවසන් කර අධිකාරියට පත් කිරීමේ අසිපත ලබා ගත්තේ තම පියා වූ එවකට යුද හමුදාපති හැමිල්ටන් වනසිංහ අතින්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart