
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිත්වා සුළිකුණාටුව හමුවේ රටට බලපෑ හදිසි ආපදා තත්ත්වයෙන් අනතුරුව මෙරට පුද්ගලයන් අතර හෘදයාබාධ හටගැනීමේ අවස්ථා 40% කින් පමණ වැඩිවිය හැකි බව අන්තර්ජාතික අධ්‍යයනවලින් තහවුරු වී ඇතැයි හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ පවසයි.
ඔහු සමාජ මාධ්‍ය වේදිකාවක තැබූ සටහනක දැක්වෙන්නේ, එවැනි හදිසි ව්යසනයනයකදී නිවාස සහ ආදරණීයන් අහිමිවීම මානසික ආතතියට හේතුවිය හැකි බැවින් එමඟින් ඇතැම් පුද්ගලයන්ට හෘද රෝග ඇතිවිය හැකි බවයි.
මානසික ආතතිය, රුධිර පීඩනය සහ හෘද ස්පන්දන වේගය ඉහළ යාම වැනි සාධක මෙම තත්ත්වයට දායක වන බව විශේෂඥ වෛද්‍යවරයා තවදුරටත් පෙන්වාදෙයි.
ආපදා තත්වය හමුවේ රුධිර පීඩනය සඳහා භාවිත කරන ඖෂධ , දියවැඩියා ඖෂධ, කොලෙස්ටරෝල් සඳහා ලබා ගන්නා ඖෂධ සහ අනෙකුත් ඖෂධ ලබාගැනීමට නොහැකිවීම ද රෝග තත්වයන් ඉහළයාමට හේතුවක් විය හැකි බව ඔහු පවසයි.
එවැනි අවස්ථාවලදී මානසික ශක්තිය ගොඩනඟාගත යුතු අතර ප්‍රමාණවත් නින්දක් ලබාගත යුතු බව ද වෛද්‍ය ගෝඨාභය රණසිංහ අවධාරණය කරයි.
කිසියම් සෞඛ්‍ය ගැටලුවක් හෝ හෘද රෝග තත්වයක් ඇති වුවහොත්, වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු බවත්, වඩාත්ම වැදගත් කරුණ වන්නේ ජනතාව මානසිකව ඔරොත්තු දීමේ හැකියාව පවත්වාගැනීම බවත්, එම පිළිවෙත් අනුව වෛද්‍යවරයකු විසින් නියම කළ ඖෂධ ලබාගත යුතු බවත් ඔහු අවධරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart