
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගංවතුරෙන් හානියට පත් ලේඛන තැන්පත් කිරීම සඳහා ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුව විසින් අධිශීතකරණ සඳහා හදිසි ඉල්ලීමක් නිකුත් කර තිබේ.
ගංවතුරට හසු වූ ලේඛන විනාශ වීම වැළැක්වීම සඳහා අධිශීතකරණ පහසුකම් සහ ජංගම අධිශීතකරණ පහසුකම් අවශ්‍ය බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
“ප්‍රතිස්ථාපනය කළ නොහැකි පොදු වාර්තා විශාල ප්‍රමාණයකට ජලයෙන් හානි වී තිබෙනවා,” ජාතික ලේඛනාගාර අධ්යක්ෂ ජනරාල් නදීරා රූපසිංහ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
“ලේඛන ස්ථිරවම විනාශ වීමට පෙර ඒවා ආරක්ෂා කරන්න අපට කාලයක් නැහැ. ජලයෙන් හානි වූ ලේඛන අධිශීතකරණයට ලක් කිරීමෙන් විනාශය නවත්වගන්න පුළුවන්. නිසි සංරක්ෂණ ප්‍රතිකාරයක් කළ හැකි වන තෙක් මේ ක්‍රමයට ලේඛන ස්ථාවරව පවත්වා ගන්න පුළුවන්,” ඇය පවසයි.
“මේ සඳහා කාලය ගතවෙනවා. අධි ශීතකිරීමේ ධාරිතාවක් නොමැතිව, අපට වැදගත් වාර්තා, ඉඩම් ලේඛනාගාර, අධිකරණ ලේඛන, ඓතිහාසික වාර්තා සහ මිලියන සංඛ්‍යාත පුරවැසියන්ට ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනඟා ගැනීමට අවශ්‍ය සාක්ෂි අහිමි වෙන්න ඉඩ තියෙනවා.” ඇය සඳහන් කළාය.
“එමනිසා එවැනි රාජ්‍ය ආයතනවලට රට පුරා අධිශීතකරණ පහසුකම් සහ ජංගම අධිශීතකරණ පහසුකම් සඳහා හදිසි ප්‍රවේශයක් අවශ්‍ය වනවා,” ආචාර්ය රූපසිංහ පැවසුවාය.
“පොදු වාර්තා බැඳී ඇති වෙළුම් සහ මිටි ලෙස පවතින වාර්තා හැටියට විශාල ප්‍රමාණවලින් අධිශීත කිරීම් කළ යුතුයි. මෙය දැනටමත් දුෂ්කර කාලයක් ගෙවන රටකට අසාමාන්‍ය ඉල්ලීමක් බව අපි තේරුම් අරන් ඉන්නේ. පවතින ශීතකරණ පහසුකම්වල තාවකාලික පදනමක් මත ඉඩ ලබා දෙන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිනවා” යනුවෙන් ඇය සඳහන් කළාය.
දෙපාර්තමේන්තුව වියදමකින් තොරව අධිශීතකරණ පහසුකම් ඉල්ලා ඇත.
ඒ වෙනුවට ශ්‍රී ලංකාවේ සාක්ෂි භූ දර්ශනය සංරක්ෂණය කිරීමට හවුල්කරුවකු ලෙස ආයතනික සමාජ වගකීම යටතේ සහාය වීමට ජාතික ලේඛනාගාරය ඉදිරිපත් වේ.
“මේවා වියුක්ත උපුටාගත් වාර්තා නෙවෙයි. අපගේ පුරවැසියන්ට තමන් කවුද, ඔවුන් සතු දේ සහ ඔවුන්ට ණයගැති දේ ඔප්පු කිරීමට අවශ්‍ය වාර්තා මේවායි” ඇය අවධාරණය කරයි.
මෙම ලේඛන අතරට දශක ගණනාවක් පුරා පවතින අධිකරණ වාර්තා සහ නීතිමය සාක්ෂි; විශ්‍රාම වැටුප් සහ ප්‍රතිලාභවලට බලපාන පුද්ගල ලිපිගොනු; විගණන සහ වගවීම සඳහා අවශ්‍ය මූල්‍ය වාර්තා; පරිපාලන ඉතිහාසය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය පොදු වාර්තා; සහ අපගේ ජාතික කතාව පවසන ඓතිහාසික ලේඛන අයත් වේ.
“ව්‍යාපාරික ප්‍රජාව සැමවිටම ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ හවුල්කරුවකු වී සිටිනවා. අද, ව්‍යාපාර, නීතිය සහ සිවිල් සමාජය රඳා පවතින ලේඛනමය පදනම ආරක්ෂා කිරීම සඳහා හවුල්කරුවන් වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. සෑම ඉඩම් ගනුදෙනුවක්ම, සෑම කොන්ත්‍රාත්තුවක්ම, සෑම අධිකරණ නඩුවක්ම වාර්තා මත රඳා පවතින්නේ. ඒවා බේරා ගැනීමට අපට උදව් කරන්න,” ඇය සඳහන් කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart