
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශගුණික බලපෑම් අවම කිරීමේ බහු අදියර ව්‍යාපෘතියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 27,600ක මුදලක් වෙන්කර තිබුණ ද පසුගිය වසර තුනක කාලයේ දී (2021-2024) මින් වියදම් කර ඇත්තේ රුපියල් මිලියන 2,896.42ක් හෙවත් සියයට 10.49ක මුදලක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වී ඇත.
අධික බලපෑම් සහිත කාලගුණික විපර්යාස සහ ජලවිද්‍යාත්මක උපද්‍රව පිළිබඳ අනතුරු ඇඟවීම් වැඩිදියුණු කිරීම සහ දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම මෙකී ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි.
එමෙන්ම කැලණි ද්‍රෝණියේ බහුකාර්ය ජල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම ද මෙම ව්‍යාපෘතියේ තවත් අරමුණකි.
ඉහළ බලපෑම් සහිත කාලගුණික තත්ත්ව, ගංවතුර සහ නායයෑම් පිළිබඳ අනාවැකි කීම සහ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීම, පහළ කැලණි ද්‍රෝණියේ ගංවතුර අවදානම අවම කිරීම සඳහා ආයෝජනය කිරීම, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම හා වාරිමාර්ග සහ වැසි ජල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම යන ප්‍රධාන ක්‍රියාකාරකම් පහ යටතේ මෙකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
මෙකී ව්‍යාපෘතියේ පළමු අදියර 2021 වර්ෂයේ ඔක්තෝබර් මස ආරම්භ කර තිබූ අතර 2026 දෙසැම්බර් මස අවසන් කිරීමට නියමිතව තිබිණි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ නියෝජිත ආයතන වෙයි.
කාර්ය මණ්ඩල අනුමත කිරීම ප්‍රමාදවීම, කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය වැනි හේතු නිසා ව්‍යාපෘතියේ ප්‍රගතිය පහළ මට්ටමක පවතින බැව් මෙකී ව්‍යාපෘතියේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart