December 6, 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (06) උදෑසන මල්වතු සහ අස්ගිරි මහාවිහාර වෙත ගොස් එම දෙපාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ සහ අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදුටුවේය.

පවතින ආපදා තත්ත්වය සහ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් දැනුවත් කරමින් කෙටි පිළිසඳරක නිරත විය.