
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සියලුම රාජ්‍ය අංශයේ නිලධාරීන්ට වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට දී තිබූ අවස්ථාව වහාම අත්හිටුවන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි.
අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර පවසන්නේ, නොවැම්බර් 24 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී සම්මත කරන ලද කැබිනට් යෝජනාවක් මත පදනම්ව මෙම තීරණය ගෙන ඇති අතර, නව චක්‍රලේඛයක් මගින් ඒ බව විධිමත් ලෙස දැනුම් දී ඇති බවයි.
නව නිවාඩු අයදුම්පත් සහ නිවාඩු දීර්ඝ කිරීම් සඳහා වන ඉල්ලීම් වහාම ක්‍රියාත්මක වන පරිදි භාර ගැනීම නතර කරන ලෙස සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට චක්‍රලේඛය මගින් උපදෙස් දී තිබේ.
2022 ජුනි 22 වැනිදා සිට ක්‍රියාත්මක වන පෙර රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයකින් රාජ්‍ය නිලධාරීන්ට ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට හෝ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභවලට බලපෑමක් නොකර උපරිම වශයෙන් වසර පහක් සඳහා දේශීය හෝ විදේශීයව සිටිමින් වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට අවසර දී තිබිණි.
කෙසේවෙතත්, නවතම කැබිනට් තීරණයෙන් පසුව, 2022 චක්‍රලේඛයේ විධිවිධාන යටතේ දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත කිරීම දැන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.
දැනට වැටුප් රහිත නිවාඩු ලබා සිටින නිලධාරීන්ට මේ වන විට අනුමත කර ඇති කාලය සඳහා පමණක් එය ක්‍රියාත්මක වේ.
නිවාඩු සඳහා දැනටමත් අනුමැතිය ලැබී ඇතත් තවමත් නිවාඩු ආරම්භ වී නොමැති නිලධාරීන්ට කලින් අනුමත කළ කාලය සඳහා අවසර දෙන බව අමාත්‍යාංශය තවදුරටත් පවසයි.
අවශ්‍ය සියලු නිර්ණායක දැනටමත් සපුරා ඇති විදේශ වැටුප් රහිත නිවාඩු අයදුම්පත් සඳහා සහ දීර්ඝ කිරීමේ ඉල්ලීම් සඳහා මෙය බලපාන්නේ නැති බව චක්‍රලේඛයේ සඳහන් වේ.
කෙසේවෙතත්, අසම්පූර්ණ ලියකියවිලි හෝ අවශ්‍යත ලියකියවිලි සපුරා නොමැති ඕනෑම අයදුම්පතක් නැවත සළකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.
නව නියෝගය යටතේ ගෘහස්ථ වැටුප් රහිත නිවාඩු සඳහා වන කිසිදු අයදුම්පතක් අනුමත නොකරන බව චක්‍රලේඛයේ පැහැදිලිව සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart