
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආපදාවට ලක් වූ ප්‍රදේශවලට ප්‍රවාහනය කරන සහන ද්‍රව්‍ය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමේ සිදුවීම් වැළැක්වීම සඳහා උපරිම පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා සියලුම පොලිස් ඒකකවලට උපදෙස් දී ඇත.
ඔහු මෙම උපදෙස ලබා දී ඇත්තේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් 2025 දෙසැම්බර් 5 වැනිදා නිකුත් කරන ලද ලිපියකට අනුවය.
ඇතැම් කණ්ඩායම් අතරමගදී වාහන නවතා ආපදාවට ලක් වූ ජනතාව සඳහා පරිත්‍යාග කරන ලද භාණ්ඩ බලහත්කාරයෙන් රැගෙන ගිය සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් එම ලිපියේ සඳහන් කර ඇත.
ඊට සම්බන්ධ අයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා තිබේ.
ඒ අනුව මෙම ගැටලුව කෙරෙහි පෞද්ගලික අවධානයක් යොමු කරන ලෙසත්, එවැනි ක්‍රියා තම බ ප්‍රදේශ තුළ වැළැක්වීමට වගබලා ගන්නා ලෙසත් පොලිස්පතිවරයා සියලුම පොලිස් කොට්ඨාසවලට උපදෙස් දී ඇත.
සහනාධාර බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් වාර්තා වන ඕනෑම සිදුවීමක් වහාම විමර්ශනය කරන ලෙසත්, අපරාධකරුවන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා ලෙසත් පොලිස් ස්ථාන වෙත උපදෙස් දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart