
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පළාත් සබඳතා තිබෙන ෆයිබර් ජාලය ස්ථාන 11කින් විසන්ධි වී බිඳවැටුණු බවත් එම දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන ජාලා අද (04දා) වන විට සම්පූර්ණයෙන්ම යථාතත්ත්වයට පත්කිරීමට හැකි වනු ඇති බවත් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසයි.
ඊට අමතරව විදුලිය බිඳ වැටීම් හා ෆයිබර් සබඳතා විසන්ධි වීම හේතුවෙන් ප්‍රධාන සම්ප්‍රේෂණ කුලුණු 4000කට වැඩි සංඛ්‍යාවක් ක්‍රියාවිරහිත වූ බවද හෙතෙම කියාසිටියේය.
ඒ වෙනුවෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ විදුලි සන්නිවේදන සමාගම් සියල්ල මහත් පරිශ්‍රමයකින් කටයුතු කරමින් සිටින බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
“නායයෑම් සහ ජල ගැලීම් නිසා පළාත් සබඳතා තිබෙන ෆයිබර් ජාලය ස්ථාන 11 කින් විසන්ධි වී තිබුණා. ඉන් ස්ථාන 09ක් පැය 24ක් තුළ පිළිසකර කිරීමට කටයුතු කළා. මේ වන විට සියලු පළාත් සම්බන්ධ කරමින් විදුලි සංදේශ ක්‍රියාවලිය යාවත්කාලීන කර තිබෙනවා.
ජල ගැලීම් සහ නායයෑම් නිසා වූ විදුලි බිඳ වැටීම් හා ෆයිබර් සම්බන්ධතාව විසන්ධි වීම හේතුවෙන් ප්‍රධාන සම්ප්‍රේෂණ කුලුණු 4000කට වැඩි සංඛ්‍යාවක් ක්‍රියාවිරහිත වී තිබුණා. මේ වන විට එයින් 2800ක් නැවත ක්‍රියාත්මක කර තිබෙනවා. ඉතිරි ප්‍රමාණයෙන් 949 ක් අක්‍රීය වී තිබෙන්නේ විදුලිය විසන්ධි වීම නිසයි. ඒ අනුව ඉතිරි ස්ථාන සියල්ල නැවත සක්‍රීය තත්ත්වයට ගෙන ඒමට විදුලි සන්නිවේදන ආයතන යුහුසුළුව කටයුතු කරනවා.
දැනට ගැටලු පවතින්නේ නුවරඑළිය, බදුල්ල, පුත්තලම සහ වවුනියාව යන ප්‍රදේශවලයි. ඒවායින් නුවරඑළිය සහ නුවර සැලකිය යුතු මට්ටමේ ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවා. නමුත් අද උදෑසන වන විට නුවරඑළිය, පුත්තලම යන දිස්ත්‍රික්කවල 75%කට වඩා සබඳතාව සක්‍රීය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart