
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොට්ටාව ප්රධාන බස් නැවතුම්පළේ දමාගොස් සිටි අටහැවිරිදි පිරිමි දරුවකු ඊයේ (03 දා) උදේ 6.30ට පමණ හමුවූ බව කොට්ටාව පොලිසිය පවසයි.
අතරමංවී හඬමින් සිටින කුඩා දරුවකු දැක ඇති බස් රථ නැවතුම්පළේ සිටි සේවකයන් දරුවා පිළිබඳව පොලිසිය දැනුවත් කර තිබේ.
පසුව පොලිසිය පැමිණ දරුවා සිය භාරයට ගෙන ඇත.
දරුවා කතාබහ කළ ද ඔහු පදිංචි ප්රදේශයක් ගැන සඳහන් නොකරන බව පොලිසිය කියයි.
මෙම දරුවාගේ දෙමාපියන් කවුරුන්ද යන්න ඊයේ සවස් වනතුරුත් අනාවරණය නැත.
මේ නිසා දරුවා ගැන හෝමාගම මහෙස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බව පොලිසිය කියය.
මෙම දරුවා අවතැන් කඳවුරක සිටි දරුවෙක් ද, එසේත් නොමැතිව දරුවාව කිසියම් පිරිසක් විසින් බස් නැවතුම්පළට රැගෙනවිත් දමා ගියේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව ද පොලිසිය පවසයි.
එම දරුවා ඊයේ පොලිසියේ නිලධාරීන්ගේ ආදරය, කරුණාව ලබමින් පොලිස් ස්ථානය තුළ රැඳීසිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart