
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බංග්ලාදේශයේදී ලබන වසරේ පැවැත්වීමට නියමිත 12 වැනි බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි20 (BPL) තරගාවලියට එක්වීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 7 දෙනකුට හිමිව තිබේ.
එම තරගාවලිය සඳහා පැවති ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා හිටපු නායක සහ පාකිස්තාන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ වැඩබලන නායකයා ලෙස කටයුතු කළ දසුන් ශානක ඉහළම මිලක් හිමිවූ විදෙස් ක්‍රීඩකයා ලෙස අමෙරිකානු ඩොලර් 55,000ක් හෙවත් ආසන්න වශයෙන් රුපියල් 16,964,211.00 ගෙවා මිලදී ගැනීමට ඩකා කැපිටල්ස් පිල කටයුතු කළේය.
ශානක මින් පෙර ද BPL තරගාවලියේදී කණ්ඩායම් 4ක් නියෝජනය කරමින් තරග 16ක් ක්‍රීඩා කර ඇති අතර, අවසන් වරට 2024දී කුල්නා ටයිගර්ස් පිල වෙනුවෙන් තරග 3ක් ක්‍රීඩාකළේය.
ඔහුට අමතරව මේ වෙන්දේසියේදී හිටපු නායක තුන්ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සිල්හෙට් ටයිටන්ස් පිල විසින් ද සහ කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල චැටෝග්‍රෑම් රෝයල්ස් පිල විසින් ද මිලදී ගැනීමට කටයුතු කළ අතර, ඔවුන් දෙදෙනාට අමෙරිකානු ඩොලර් 35,000ක් හෙවත් රුපියල් කෝටියකට 10,795,407.00) ආසන්න මුදල් හිමිව තිබේ.
රාජ්ෂාහි වොරියර්ස් පිල විසින් දඟපන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්තට අමෙරිකානු ඩොලර් 25,000ක් හෙවත් ලක්ෂ 77කට ආසන්න මුදලකට මිලදී ගෙන ඇති අතර, ඇන්ජලෝ පෙරේරා අමෙරිකානු ඩොලර් 20,000ක් හෙවත් රුපියල් ලක්ෂ 61කට ආසන්න මුදලකට චැටෝග්‍රෑම් රෝයල්ස් පිල එක්කරගෙන තිබේ.
මේ ක්‍රීඩකයන් පස්දෙනා වෙන්දේසිය මඟින් තෝරාගනිද්දී කඩුලු රකින ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් වෙන්දේසියට පෙර නොකාලි එක්ස්ප්‍රස් සමඟ ඍජුව ගිවිසුම්ගත වී තිබූ අතර, වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු රාජ්ෂාහි වොරියර්ස් පිල සමඟ ඍජුව ගිවිසුම්ගත වී තිබේ.
මේ වෙන්දේසිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ 53 දෙනකුට ආසන්න පිරිසක් එක්ව සිටියහ.
මේ වෙන්දේසියේදී මිල අධික දේශීය ක්‍රීඩකයා වූ මොහොමඩ් නයිම් වෙන්වෙන් චිතගොං රෝයල්ස් පිල බංග්ලාදේශ මුදලින් කෝටි 1.1ක් හෙවත් අමෙරිකානු ඩොලර් 90,300කට මිලදී ගත්තේය.
BPL තරගාවලිය මේ මස 23 වැනිදා සිට ජනවාරි 26 වැනිදා දක්වා පැවැත්වෙන අතර, කණ්ඩායම් 6ක් එක් වන තරගාවලිය තරග 34කින් සමන්විතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart