December 1, 2025

දිත්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දැවැන්ත ව්‍යසනයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා චීන රජය මුදල් සහ සහන පරිත්‍යාග නිවේදනය කර තිබේ.

කොළඹ චීන තානාපති කාර්යාලයට අනුව, චීන රජය ඇමරිකානු ඩොලර් මිලියන 1ක මුදල් පරිත්‍යාගයක් ප්‍රදානය කර ඇත.

එසේම චීන රජය යුවාන් මිලියන 10ක සහන සැපයුම් ද ලබා දී ඇත.