November 28, 2025

අයහපත් කාලගුණය හේතුවෙන් ආපදා තත්වයෙන් පීඩාවට පත්ව ඇති ජනතාවට සහන සැලසීමට කඩිනමින් පියවර ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරයකුට රුපියල් මිලියන 50 දක්වා වැයකිරීමට මූල්‍ය බලතල ලබාදී ඇත.

මීට අදාළ නියෝගය මුදල් අමාත්‍යාශය විසින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබාදී ඇති බව වාර්තා සඳහන් කරයි.