
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද (28) නාවලපිටිය පැරණි දුම්රිය අංගන මාර්ගයේ නායයෑමක් සිදුවී ඇති අතර, එහිදී පස් කන්දක් නිවසක් මතට කඩාවැටී එකම පවුලේ සාමාජිකයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
නාවලපිටිය පොලිසියට අනුව, මියගිය අය අතර කාන්තාවක්, ඇගේ නැන්දම්මා සහ මාස තුනක ළදරුවකු වේ.
නාවලපිටිය ප්‍රදේශයේ ඇති වූ අධික වර්ෂාපතනය හේතුවෙන් නිවස මතට නායයෑම සිදු වූ බව වාර්තා විය.
ප්‍රදේශවාසීන් සහ නාවලපිටිය පොලිස් නිලධාරීන් එක්ව ගලවාගැනීමේ උත්සාහයක් දැරුවද, ඔවුන්ට වින්දිතයින් බේරාගැනීමට නොහැකි විය.
මියගිය අයගේ මළසිරුරු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ තැන්පත් කර ඇත.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට නාවලපිටිය ප්‍රදේශයේ පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් ඇති අතර, පවුල් 50 කට ආසන්න සංඛ්‍යාවක් ආරක්ෂිත කඳවුරු වෙත යොමුකර ඇති බව නාවලපිටිය ප්‍රාදේශීය ලේකම් රම්‍යා ජයසුන්දර පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart