November 28, 2025

අනුරාධපුර කලාවැව පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුර තත්වයෙන් පොල් ගසක් මත ඊයේ‍ (27) සිට පුද්ගලයෙක් සිරව සිට ඇත.

එසේම පො‍‍ළොන්නරුව මනම්පිටිය පාලම මතද පුද්ගලයන් 06 ‍දෙනකු සිරව සිට තිබේ.

මෙම පිරිස ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරේ අංක 7 හෙලිකොප්ටර් බලඝනයට අයත් Bell-212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මගින් අද උදෑසන නිරුපද්‍රිතව බේරාගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබේ.