November 28, 2025

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉස්මයිල් මුත්තු මොහොමඩ් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව පැවසීය.

පක්ෂයේ තීන්දුව අනුව පක්ෂ නායකත්වය පාවානොදී තමා මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් ඉස්මයිල් මුත්තු මොහොමඩ් සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.