November 27, 2025

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ පවසයි.

පවතින කාලගුණ තත්වය යටතේ ඕනෑම කෙනෙකුට උණ හෙම්බිරිස්සාවක් සෑදීමට හැකි බවද නාමල් රාජපක්ෂ පැවසීය.

ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ “එහෙම ලොකු අසනීපයක් නෑ.. වයසයිනේ” ලෙසයි.

තවද එසේ රෝහල්ගත කර ඇත්තේ වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා බවද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

වෛද්‍යවරුන් විසින් පෙරදී නිර්දේශ කර තිබූ පරීක්‍ෂණ කිහිපයක් සිදුකිරීමට මෙහිදී කටයුතු කරන බවත්, මහින්ද රාජපක්ෂගේ සෞඛ්‍ය තත්වය යහපත් බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.