
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පළමුවරට පැවති කාන්තා දෘෂ්‍යාබාධිත පන්දුවාර 20යි 20 ලෝක කුසලනය ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
තරඟාවලිය පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම-සත්කාරකත්වය යටතේය.
ඕස්ට්‍රේලියාව, පාකිස්ථානය, ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළුව කණ්ඩායම් 06 ක් සහභාගී වූ තරඟාවලියේ අවසන් තරඟයේදී ඉන්දීය කාන්තා කණ්ඩායම නේපාලය කඩුලු හතකින් පරාජය කළහ.
මෙම තරගාවලිය සම්බන්ධයෙන් දකුණු ඕස්ට්‍රේලියාවේ 18 හැවිරිදි ඇඩ්ලින් රෝ ජනමාධ්‍ය පැවසුවේ, තම රටේ පළමු අන්ධ ක්‍රිකට් කණ්ඩායමේ කොටසක් වීමට සහ සංචාරය කිරීමට සහ සෙසු ක්‍රීඩිකාවන් හමුවීමට අවස්ථාව ලැබීම ගැන තමා සතුටට පත් වූ බවයි.
“අපට අන්ධ කාන්තා ලෝක කුසලාන තරගාවලියක් ලැබීම පුදුම සහගතයි. එය සියලුම කාන්තා අන්ධ ක්‍රිකට් ක්‍රීඩිකාවන් සඳහා අපූරු ඉදිරි පියවරක්” යනුවෙන් රෝ කොළඹදී ඉන්දියාව සහ නේපාලය අතර අවසන් තරඟයේදී AFP පුවත් සේවය වෙත පැවසීය.
පසුගිය සතියේ තරඟයක් ජයග්‍රහණය කිරීමෙන් පසු පාකිස්තාන ක්‍රීඩිකාවන් සමඟ අතටඅත දීමට තම කණ්ඩායම මෙහෙයවූ විට ඉන්දීය නායිකා ටී.සී. දීපිකා වැඩි ක්‍රීඩා ප්‍රශංසාවක් දිනාගත්තාය.
ඉකුත් මැයි මාසයේදී ඉන්දියාව සහ පාකිස්තානය අතර හට ගත් ගැටුම්කාරී තත්වය හමුවේ දෙරට අතර උද්ගතවූ රාජ්‍යතාන්ත්‍රික අර්බුදය ක්‍රිකට් පිටිය දක්වාම පැමිණෙන අයුරු දක්නට ලැබිණි.
ඒ අනුව ඉකුත් සැප්තැම්බර් මාසයේ පැවති ආසියානු කුසලාන තරගාවලියේදී ඉන්දියාවේ පිරිමි ක්‍රිකට් කණ්ඩායම ප්‍රතිවාදී පාකිස්තාන කණ්ඩායම සමඟ අතටඅත දීම ප්‍රතික්ෂේප කළ අතර, එතැන් සිට දෙපාර්ශ්වයම සමගිවීමේ සලකුණු පෙන්නුම් කර නොමැත.
ඉන්දියාවේ දෘශ්‍යාබාධිත ක්‍රීඩිකාවන් ද ඔවුන්ගේ පෙනීම ඇති කණ්ඩායම්වල හැසිරීම පිළිබිඹු කරනු ඇතැයි අපේක්ෂා කළ නමුත්, දෙපාර්ශ්වයම එකිනෙකාට උණුසුම් ලෙස ආචාර කළ අතර එය තරඟාවලිය පුරාම දක්නට ලැබුණු මිත්‍රත්වයක් විය.
ඉන්දියාවට කුසලානය පිරිනැමූ අගමැතිනි හරිනි අමරසූරිය, දෘශ්‍යාබාධිතයන්ගේ පැතිකඩ ඉහළ නැංවීමට උදව් කිරීම සම්බන්ධයෙන් සියලුම පාර්ශ්වයන්ට ස්තූති කළාය.
“මෙම ලෝක කුසලානය තරඟයකට වඩා වැඩි යමක්. එය ප්‍රවේශය, සමානාත්මතාවය සහ ක්‍රීඩාවට කාන්තාවන්ගේ වර්ධනය වන සහභාගීත්වය පිළිබඳ සාමූහික ප්‍රකාශයකි,” ඇය පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart