
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2024 LPL තරඟාවලිය අතරතුර තරඟ පාවාදීම සඳහා ක්‍රීඩකයන්ට බලපෑම් කිරීමට ආධාර සහ අනුබල දුන් බවට චෝදනා එල්ල වී දඹුල්ල තන්ඩර්ස් ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස සේවය කළ පාකිස්ථාන ජාතිකයකුට එරෙහිව වරෙන්තුවක් නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ නියෝග කළේය.
තරඟ පාවාදීම සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීමට සැකකරු එම ඒකකය ඉදිරියේ පෙනී නොසිටි බව දැනුම් දෙමින් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය විසින් කරන ලද ඉල්ලීමක් සළකා බැලීමෙන් පසු මෙම නියෝගය නිකුත් කෙරිණි.
කළමනාකරුගෙන් විමර්ශනයට අත්‍යවශ්‍ය ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඔහුට පොලිසිය ඉදිරියේ පෙනී සිටින ලෙස කණ්ඩායමේ හිමිකරු වූ බංග්ලාදේශ සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය පුරවැසියකු වන තමීම් රහ්මාන්ට දැනටමත් නොතීසියක් නිකුත් කර ඇති බවත් අධිකරණයට දන්වනු ලැබිණි.
කෙසේවෙතත්, කළමනාකරු එම දැන්වීමට අනුකූල වීමට අපොහොසත් වී ඇති බවත් ඔහු පෙනී නොසිටි බවත් පොලිසිය අධිකරණයට පැවසීය.
අධිකරණය හමුවේ කරුණු දක්වමින් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය භාර නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක සුපුල් විදානගේ ප්‍රකාශ කළේ තමීම් රහ්මාන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට නියමිත බැවින් කළමනාකරුගේ සාක්ෂි සටහන් කර ගැනීම අත්‍යවශ්‍ය බවයි.
තරග පාවාදීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රමුඛ පෙළේ හෝටලයක පැවති සාකච්ඡා ඔහුගේ අනුදැනුම සහ කැමැත්ත ඇතිව සිදු වූ බවට චෝදනා එල්ල වන බැවින් කළමනාකරු මුජීන් අල් රහ්මාන් ද ප්‍රකාශයක් ලබා දිය යුතු බව ඔහු පැවසීය.
ඉදිරිපත් කරන ලද කරුණු සළකා බැලීමෙන් පසු, පරීක්ෂණවල ප්‍රගතිය දෙසැම්බර් 5 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart