
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහජන විරෝධතා සහ ආරක්ෂක අවදානම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී ප්‍රවේශම් විය යුතු බව යාවත්කාලීන කරන ලද සංචාරක උපදෙසකින් ඕස්ට්‍රේලියානු රජය ඕස්ට්‍රේලියානුවන්ට දැනුම් දී තිබේ.
“ශ්‍රී ලංකාවේ දී ඉහළ අවධානයකින් ප්‍රවේශම් විය යුතු බව අපි දිගටම උපදෙස් දෙමු. ශ්‍රී ලංකාවට ඇතුළු වීමට, විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA) ආකාරයෙන් ලබාගත හැකි වීසා බලපත්‍රයක් අවශ්‍ය වේ. කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට පැමිණීමේදී විද්‍යුත් සංචාරක අවසර පත්‍රය ලබා ගැනීමට ඇති පහසුකම් සීමිත බැවින්, සංචාරය කිරීමට පෙර එය ලබා ගත යුතුය,” යනුවෙන් සංචාරක යාවත්කාලීන උපදෙසේ සඳහන් විය.
ශ්‍රී ලංකාව පුරා මහජන විරෝධතා සිදුවිය හැකි බවත්, විරෝධතා හේතුවෙන් රථවාහන හා පොදු ප්‍රවාහන කටයුතුවලට බාධා ඇති විය හැකි බවත් සංචාරක උපදෙසෙහි දක්වා ඇත.
“පෙළපාලි පැවැත්වෙන ප්‍රදේශවලින් වළකින්න, දේශීය ආයතනවල උපදෙස් අනුගමනය කරන්න, යාවත්කාලීන කිරීම් සඳහා මාධ්‍ය නිරීක්ෂණය කරන්න,” යනුවෙන් ද සංචාරක උපදෙසෙහි සඳහන් වේ.
ලිංගික අතවර, හිරිහැර සහ මංකොල්ලකෑම් ඇතුළු අපරාධ සිදුවිය හැකි බව ද සංචාරක උපදෙසෙහි සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart