
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නිසි අවසරයකින් තොරව සමාජ මාධ්‍යවල ආයෝජන ආශ්රිත කරුණු ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
එම කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, අදාළ පුද්ගලයා ලියාපදිංචි ආයෝජන උපදේශකයකු හෝ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ බලපත්‍රලාභී ආයතනයක් නොවේ නම්, ආයෝජන නිර්දේශවලට සමාන ඕනෑම අන්තර්ගතයක් පළ නොකළ යුතු බවයි.
නිසි පදනමක් හෝ බලපත්‍රයක් නොමැතිව කරන ලද එවැනි පළ කිරීම්, මහජනතාව නොමඟ යවන අතර සැළකිව යුතු නීතිමය ප්‍රතිවිපාක ඇති කරන බව එම නිවේදනයේ සඳහන් වේ.
මෙම අවශ්‍යතා උල්ලංඝනය කරන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පවසයි.
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතේ 5 වැනි කොටස උල්ලංඝනය කරන ඕනෑම අයකුට මහාධිකරණය ඉදිරියේ නඩු පැවරිය හැකි බව එම කොමිසම සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වැරදිකරු වුවහොත් රුපියල් මිලියන 10කට නොඅඩු දඩයක්, වසර දහයක් දක්වා සිර දඬුවමක් හෝ ඒ දෙකම නියම කළ හැකිය.
මෙම පියවර ආයෝජකයන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා බවත්, එය කොමිසමේ මූලික නියාමන අරමුණුවලින් එකක් බවත් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart