
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මත්ද්‍රව්‍ය උවදුර තුරන්කිරීමේ මෙහෙවරෙන් රජය අවධානය වෙනතකට ගමන් නොකරන බවත්, විපක්ෂයේ උත්සාහයන් මගින් එය අධෛර්යමත් නොකරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.
අද පස්වරුවේ තංගල්ලේදී ‘රටම එකට’ ජාතික මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම දියත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකළේය.
අතිශය අභියෝගාත්මක කාර්යයක් වන මත්ද්‍රව්‍ය තුරන්කිරීමේ මෙහෙවර අඛණ්ඩව කරගෙන යන ලෙස ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටි ජනාධිපතිවරයා, රජයේ පූර්ණ සහයෝගය ඔවුන්ට ලබාදෙන බවට සහතික විය.
“එක එක අපරාධකාරයෝ ඉදිරියේ බියවෙන්න එපා. අපි ඔබව ආරක්ෂා කරනවා. අපි ඔබව ආරක්ෂා කරානවා” ඔහු පැවසීය.
රටේ මත්ද්‍රව්‍ය අර්බුදයට එරෙහිව සටන් කිරීම අරමුණු කරගත් ‘රටම එකට’ ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී දියත්කරන ලදී.
පළාත් නවයම ආවරණය වන මෙම වැඩසටහන, හානිකර මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන්කිරීම කෙරෙහි අවධානය යොමුකර ඇති අතර, රටේ තරුණ පරපුර ආරක්ෂා කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මෙම වැඩසටහන ප්‍රථමවරට ඔක්තෝබර් 30 වැනි දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී දියත්කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart