
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එළඹෙන දෙසැම්බර් මාසයේදී සිදුවීමට නියමිත බව පැවසෙන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ඉන්දීය සංචාරයට පෙර ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් ඔහු හමුව ඇතැයි ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තා පෙන්වා දෙන්නේ විදේශ අමාත්‍යවරයාගේ රුසියානු සංචාරයට සමගාමීව මොස්කව් හිදී මෙම හමුව සිදුව ඇති බවයි.
එළඹෙන වාර්ෂික ඉන්දියා-රුසියා සමුළුවට පෙර ඉහළ මට්ටමේ සාකච්ඡාවක් සඳහා ඔහු මෙලෙස රුසියානු ජනාධිපතිවරයා හමුව තිබේ.
සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැවසුවේ මොස්කව්හිදී රුසියාවේ ජනාධිපති පුටින් හමුවීමට ලැබීම ගෞරවයක් බවයි.
අගමැති නරේන්ද්‍ර මෝදිගේ සුබ පැතුම් ඔහුට පිරිනැමු බව ද අමාත්‍යවරයා එහි සඳහන් කළේය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත වාර්ෂික ඉන්දු-රුසියා සමුළුව සඳහා ඉන්දියාව සූදානම් වෙමින් පවතින බව ද ඔහුට දැනුම් දුන් බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
එමෙන්ම එම හමුවේදී කලාපීය සහ ගෝලීය වර්ධනයන් ද සාකච්ඡා කළ බවත් දෙරටේ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඔහුගේ ඉදිරිදර්ශන සහ මග පෙන්වීම ගැඹුරින් අගය කරන බවත් ජයිශංකර් පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart