
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජපාන අග්‍රාමාත්‍ය සනායි තකයිචි තායිවානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හමුවේ චීනය සහ ජපානය අතර අර්බුධයක් මතුවෙමින් පවතී.
විදෙස් මාධ්‍ය පැවසුවේ එය මේවනවිට ද රාජ්‍ය තාන්ත්‍රික අර්බුධයක් නිර්මාණය කර ඇති බවයි.
එහි ප්‍රතිපලයක් ලෙස ජපාන අගමැති සනායි තකයිචි තායිවානය පිළිබඳ කළ ප්‍රකාශයෙන් අනතුරුව ඒ සඳහා ඔසාකා හි චීන කොන්සල් ජෙනරාල් සූ ජියෑන් විසින් කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ජපාන විදේශ අමාත්‍යංශය එරට චීන තානාපතිවරයා කැඳවා ඇති බවයි.
උප විදේශ අමාත්‍ය ටකේහිරෝ ෆුනකොෂි චීන තානාපති වූ ජියැන්ගාඕ කැඳවා, සූගේ ඉතා නුසුදුසු ප්‍රකාශ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළ කළ බව ජපානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේය.
තායිවානයට එරෙහි නාවික අවහිරයක් ඇතුළුව ඕනෑම චීන මිලිටරි ක්‍රියාමාර්ගයක් ජපානයේ පැවැත්මට තර්ජනයක් වන තත්වයක් ලෙස සැලකිය හැකි බවට ඉකුත් දා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජපාන අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
ඊට ප්‍රතිචාර වශයෙන් ඔසාකා හි චීන කොන්සල් ජෙනරාල් සූ ජියෑන් සමාජ මාධ්‍ය වේදිකාවක “පැකිලීමකින් තොරව අපිරිසිදු බෙල්ල කපා දමන” සටහන් කර තිබූ අතර පසුව එම සටහන ඉවත් කර තිබිණි.
මේ අතර ජපානයේ පාලක ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රධානී ටකායුකි කොබයාෂි පැවසුවේ ටෝකියෝව සූගේ ප්රකාශයන්ට ස්ථිරව ප්‍රතිචාර දැක්විය යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart