
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් ආරක්ෂක හේතූන් මත බව පවසමින් යළි මෙරටට පැමිණීමට ඉල්ලීමක් කර ඇති බවට පසුගිය 12 වෙනිදා වාර්තා විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක, වනිදු හසරංග, අසිත ප්‍රනාන්දු, කමිදු මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, ජෙෆරි වැන්ඩසේ සහ මහීෂ් තීක්ෂණ එම අවස්ථාවේදී, අලුයම 3ට ඉස්ලාමාබාද් නුවරින් පිටත්වීමට ගුවන් ටිකට්පත් වෙන්කරවාගෙන ඇති බව සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබිණි.
මෙම තත්වය මතුවීමත් සමග දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල,කුසල් ජනිත් පෙරේරා, විශේන් හැළඹගේ, ගරුක සංකේත් වැනි ක්‍රීඩකයන්ගෙන් සංචිතයට එක්කිරීමටද සැලසුම් කර තිබූ බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
අදාළ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්, පාකිස්ථාන ක්‍රිකට් නිලධාරීන් සහ ශ්‍රී ලංකා කණ්ඩායම සමග එහි ගොස් සිටින නිලධාරීන් අතර සිදුවූ සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව අවසානයේදී තරග සංචාරය සඳහා එක්වීමට ක්‍රීඩකයන් කැමැත්ත පළකර ඇති බව අදාළ වාර්තාවේ සඳහන් විය.
අදාළ සාකච්ඡා සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකද, ඔහුගේ මගපෙන්වීම යටතේ ආරක්ෂක ලේකම්වරයාද මෙම සාකච්ඡා සඳහා එක්වූ බව ජනමාධ්‍ය වාර්තා කර තිබුණේ එවන් පසුබිමකය.
ක්‍රීඩකයන්ගේ තීරණ සඳහා තුන්වැනි පාර්ශ්වයක් බලපෑම් කර ඇත්ද යන්න විමර්ෂණයක් සිදුකළ යුතු බවද සන්ඩේ ටයිම්ස් පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
මේ වන විට එළඹෙන ශ්‍රී ලංකා පාකිස්ථාන සිම්බාබ්වේ තුන්කොන් තරගාවලියට සහභාගී වීම සඳහා පන්දුවාර 20 සංචිතයට නම් කළ ක්‍රීඩකයන් පාකිස්ථානයට පැමිණ සිටින අතර, චරිත් අසලංක ඇතුළු ක්‍රීඩකයින්ද තුන්කොන් තරගාවලියට එක්වීමට එකඟතාවය පළකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart