November 11, 2025

රජයේ ආදායම ඉහළ ගොස් තිබේනම් සිදු කළ යුතු වන්නේ එහි වාසිය ජනතාව වෙත ද ලබාදීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ රජයේ ආදායම ඉහළ යාම අරමුණු කර ගෙන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ බවයි.

එහි ප්‍රතිපල වර්තමානයේදී හිමිව තිබෙන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ රජය ගෙන යන වත්මන් ක්‍රියාකලාපයේ ඇගයීමට ලක් කළ යුතු ක්‍රියාමාර්ග ද පවතින බවයි.

විපක්ෂයේ සිටිය ද එවැනි ක්‍රියා අගය කිරීමට පසුබට නොවන බව බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.