
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2022 මැයි 09 වන දින රට තුළ පැවැති නොසන්සුන්තාවයේදී තම නිවාසවලට සිදු වූ හානි සඳහා නීතිවිරෝධී ලෙස වන්දි ලබාගත් බව කියන හිටපු අමාත්‍යවරුන්ගෙන් වන්දි අයකර ගැනීමට නියෝගයක් ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජනවාරි 28 වැනි දින විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
එලෙස ලබාදුන් වන්දි මුදලේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කරමින් සමාජ ක්‍රියාකාරිකයකු සහ නීතිඥයෙකු වන ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ විසින් මෙම පෙත්සම ගොනුකර තිබේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න, මහජන ආරක්ෂක හිටපු අමාත්‍යවරුන් වන ටිරාන් අලස් සහ ප්‍රසන්න රණතුංග, වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, වත්මන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල සහ නීතිපතිවරයා ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත.
පෙත්සම්කරු කියාසිටින්නේ මැයි 9 අරගල සිද්ධියෙන් පසු පසුගිය රජය විසින් නිවාස හා දේපළ හානි වූ හිටපු අමාත්‍යවරුන් ඇතුළු පුද්ගලයින් 43 දෙනෙකුට රුපියල් බිලියන 1.22 ක වන්දි මුදලක් ලබා දී ඇති බව සහ මෙය පෙබරවාරි 5 වැනි දින අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් පාර්ලිමේන්තුවේදී හෙළිකරන ලද බවයි.
මෙය මහජන මුදල් බරපතල ලෙස අවභාවිත කිරීමක් බව පෙත්සම්කරු තර්ක කරන අතර, ස්වාභාවික විපත්වලදී පවා එක් පුද්ගලයෙකුට ලබාදෙන උපරිම වන්දි මුදල රුපියල් මිලියන 2.5 ක් බව ඔහු පෙත්සමෙන් පෙන්වා දී තිබේ.
එබැවින්, මෙම ගෙවීම් නීතිමය ක්‍රියාපටිපාටි සහ මූලික මානව හිමිකම් උල්ලංඝනය කරන බව ප්‍රකාශ කරන ලෙසත්, නීතිවිරෝධී ලෙස ගෙවන ලද වන්දි අයකර ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසත්, අනාගතයේදී වන්දි ගෙවීම නිසි තක්සේරුවක් සහ නීතිමය ප්‍රමිතීන් මත පදනම්ව සිදු කරන බවට සහතික කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart