
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාකිස්තාන හමුදා මාණ්ඩලික ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් ශ්‍රී ලංකා බලධාරීන් සමග සාකච්ඡා කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස පාකිස්තානයේ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැනට පැවැත්වෙන තරඟ සඳහා තවදුරටත් පාකිස්තානයේ රැඳීසිටීමට තීරණය කළ බවත් පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි බ්‍රහස්පතින්දා පැවසුවේ පවසයි.
ඉකුත් අඟහරුවාදා ඉස්ලාමාබාද්හි අධිකරණයක් අසල සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයන් නැවත සිය රට බලා යන බවට වාර්තා වීමෙන් පසු අර්බුදකාරී තත්වයක් වළක්වා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය ඊයේ රාත්‍රියේ ප්‍රකාශ කළේ තම කණ්ඩායමේ පාකිස්තාන සංචාරය ඉදිරියට ගෙන යන බවයි.
කෙසේවෙතත් මෙම අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එරට පාර්ලිමේන්තුවේ සෙනට් සභාව හමුවේ අමාත්‍ය නක්වි පවසා ඇත්තේ, හමුදාපතිවරයා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යවරයා සහ ලේකම්වරයා අමතා ක්‍රිඩකයන්ට ආරක්ෂාව ලබාදෙන බවට ඔවුන්ට සම්පූර්ණයෙන්ම සහතික වූ බවයි.
ඉස්ලාමාබාද් හි සිදුවූ බෝම්බ පිපිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ආපසු යාමට තීරණය කර ඇතැයි ද ඔහු එහිදී පවසා තිබේ.
“ඔවුන්ට බොහෝ ගැටළු තිබුණා, නමුත් අපි ඒ සියල්ල සමනය කිරීමට උත්සාහ කළා,” යනුවෙන් පැවසූ නක්වි පෙන්වා දී ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක තම රටේ ක්‍රිකට් කණ්ඩායම සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ඇති බවයි.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔවුන්ගේ පාකිස්තාන සංචාරය ඉදිරියට පවත්වා ගෙන යාමට තීරණය කළ බවත්, හමුදාපතිවරයා ලෙස ෆීල්ඩ් මාර්ෂල් මුනීර් ඔහුගේ කාර්යභාරය ඉටුකර ඇති බවත් අමාත්‍යවරයා පවසා තිබේ.
එමෙන්ම ඔහු පවසා ඇත්තේ පකිස්ථාන හමුදාව, ඉස්ලාමාබාද් පොලිසිය සමග එක්ව ශ්‍රී ලංකා කණ්ඩායමට ආරක්ෂාව ලබාදෙන අතර ඔවුන්ට රජයේ අමුත්තන් ලෙසම සලකා ආරක්ෂාව ලබාදෙන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart