
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනය තායිවානයට එරෙහිව ආක්‍රමණයක් දියත් කළ හොත් ජපානයට ද හමුදා ක්‍රියාමාර්ග ගත හැකි බවට ජපාන අග්‍රාමාත්‍ය සනායි තකයිචි කළ ප්‍රකාශයක් හමුවේ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුධයක් නිර්මාණය වෙමින් ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම විරෝධයට හේතුවී ඇත්තේ ඔසාකා හි චීන කොන්සල් ජෙනරාල් ෂු ජියන්, ජපාන අග්‍රාමාත්‍යවරියගේ ප්‍රකාශයෙන් පසු සිය සමාජ මාධ්‍ය ගිණුමක් ඔස්සේ තබා තිබූ සටහනකි.
එමගින් ඔහු “The dirty neck that sticks itself in must be cut off.” යනුවෙන් අදහස් දක්වා තිබුණ ද සටහන පසුව ඉවත් කර තිබූ බව වාර්තා වේ.
ජපානයේ ප්‍රධාන කැබිනට් ලේකම් මිනෝරු කිහාරා පැවසුවේ සටහනේ අභිප්‍රාය සම්පූර්ණයෙන්ම පැහැදිලි නොවූවත්, ෂු ජියන් අනවශ්‍ය ප්‍රකාශ කිහිපයක් සිදු කර ඇති බවයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජපානය චීනයෙන් ඉල්ලීම් කර ඇතැයි වාර්තා වේ.
මේ අතර තායිවාන ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශිකා කැරන් කුඕ පැවසුවේ චීන නිලධාරීන් ජපානය වෙත සිදු කරන ලද තර්ජනාත්මක ප්‍රකාශ තායිවාන රජය බැරෑරුම් ලෙස සලකන බවයි.
එවැනි හැසිරීම් පැහැදිලිවම රාජ්‍ය තාන්ත්‍රික ආචාර ධර්ම ඉක්මවා යාමක් බව ද නිවේදනයක් නිකුත් කරමින් ඇය පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart