
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය වසරේ පැවැත්වූ මංගල දර්ශනයේ සිට ඔන්ලයින් මරණ තර්ජන කිහිපයක් තම කණ්ඩායමට ලැබී ඇති බව අමෙරිකාව පදනම් කරගත් කැට්ස්අයි(Katseye) නම් කාන්තා ගායක කණ්ඩායම පවසයි.
මෑතකදී පැවති ග්‍රැමී සම්මාන උළෙලේදී හොඳම නව කලාකරුවන් ලෙස නම් කරන ලද හය දෙනෙකුගෙන් යුත් ගායක කණ්ඩායම බීබීසී ප්රවෘත්ති වෙත ඔවුන් පවසා ඇත්තේ, ඔවුන්ගේ පවුල් ද ඉලක්ක කරගත් තර්ජනාත්මක පණිවිඩ ලැබී ඇති බවයි.
“මම මාවම සන්සුන් කරගන්න උත්සාහ කරනවා, නමුත් මරණ තර්ජන1,000ක් විතර එනවා කියන්නේ කරදරකාරි දෙයක්,” යනුවෙන් ගායිකා ලාරා රාජ් පැවසුවාය.
කණ්ඩායමේ තවත් සාමාජිකාවක වන දෙමළ ඉන්දියානු උරුමයක් ඇති එක්සත් ජනපද පුරවැසියකු වන රාජ්, ජාතිවාදී අදහස්වලට ද ලක් වී ඇත.
“නීතිමය අවසරයකින් තොරව එක්සත් ජනපදයේ සේවය කිරීම සහ පදිංචි වීම” සම්බන්ධයෙන් එරට බලයලත් ආයතන වෙත ඇය සම්බන්ධයෙන් අසත්‍ය වාර්තා ද ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.
ඍණාත්මක අදහස් දැකීමෙන් වැළකී සිටීම සඳහා සිය X ගිණුම මකා දැමූ බව 20 හැවිරිදි ඇය පැවසුවාය.
ඔවුන්ට ලැබී ඇති තර්ජනවල ස්වභාවය කැට්ස්අයි කණ්ඩායම නිශ්චිතව දක්වා නැත.
පසුගිය වසරේදී තම පවුලේ අයට සහ මිතුරන්ට සිදු වූ හිරිහැර සම්බන්ධයෙන් තවත් සාමාජිකාවක වන චැපල් රෝන් ද විවේචන ඉදිරිපත් කර තිබිණි.
තවත් පොප් සංගීත කණ්ඩායම වන මුනා ආධාරකරුවන් කිහිප දෙනෙකුට ආදරණීයයන් ගැන අසත්‍ය ප්‍රචාර පතුරුවා හැරීම සම්බන්ධයෙන් තරවටු කර තිබේ.
ඩෝජා කැට් ද මෙම ‘බියජනක’ හැසිරීම් ගැන කතා කළේය.
“අපේ වෘත්තීය ජීවිතය තාමත් ඇත්තටම කෙටියි, නමුත් මට හැඟෙන්නේ දැනටමත් අපට සහ අපේ පවුල්වලට බොහෝ දේ කියල ඉවරයි කියලා,” කැට්ස් අයි ගායිකා සොෆියා ලෆෝර්ටෙසා ද පැවසුවාය.
“අපි දන්නවා අපි මෙහම ප්‍රසිද්ධ වෙනවා කියලා. මේ වගේ දේවල් කීර්තියේ කොටසක් කියලත් අපි දන්නවා. නමුත් අපිත් මිනිස්සුනේ” යනුවෙන් ඇය පැවසුවාය.
සංගීත කණ්ඩායමට ලැබී ඇති අදහස්වල ලිංගික ස්වභාවය රාජ් පෙන්වා දුන්නාය.
“මිනිස්සු අපිව ශ්‍රේණිගත කරන්න කාන්තාවන් ලෙස දකිනවා. අපි කොච්චර ලස්සනද, අපේ ගායන කුසලතාව, නැටුම් කුසලතාව ආදිය මත පදනම්ව ඔවුන් අපිව ශ්‍රේණිගත කරනවා, ඊට පස්සේ ඒක එකතු කරලා අපිට ප්‍රතිශතයක් දෙනවා. ඒක හරිම දෝෂ සහිතයි.” ඇය පැවසුවාය.
“මට හිතෙනවා ඒක මනසට හරිම භයානකයි කියලා,” සංගීත කණ්ඩායමේ තවත් සාමාජිකාවක වන මනෝන් බැනර්මන් පවසන්නීය.
අන්තර්ජාලයේ ඍණාත්මක බලපෑම් තිබියදීත්, කැට්ස්අයි සංගීත කණ්ඩායම අපූරු වසරක් ගත කරමින් සිටී.
ඔවුන්ගේ දෙවැනි සංගීත ඇල්බම එක්සත් ජනපද ප්‍රස්ථාරවල දෙවැනි ස්ථානයට පත් විය.
ඇඳුම් සන්නාමයක් වන Gap සඳහා ඔවුන් රූගත කළ දැන්වීමක් ද අගෝස්තු මාසයේදී අතිශයින් ජනප්රියවී තිබිණි.
පසුගිය මාසයේ, ඔවුන් MTV සම්මාන උළෙලේදී හොඳම රංගනය සඳහා සම්මානය දිනා ගැනීමට ද සමත් වී තිබිණි.
වයස අවුරුදු 17ත් 22 ත් අතර වයස්වල පසුවන කණ්ඩායමේ සාමාජිකාවන් හය දෙනා විවිධ රටවල සම්මිශ්‍රණයකි.
ඩැනියෙලා අවන්සිනි ඇට්ලන්ටා හි වෙනිසියුලානු-කියුබානු අමෙරිකානුවෙකි.
රාජ් නිව්යෝර්ක්හි ඉන්දියානු-ශ්‍රී ලාංකික අමෙරිකානුවෙකි.
බැනර්මන් සූරිච්හි ඝානා-ඉතාලි ජාතිකයෙකි.
මේගන් ස්කීන්ඩියෙල් හොනොලුලු හි චීන-සිංගප්පූරු අමෙරිකානුවෙකි.
ලෆෝර්ටෙසා පිලිපීනයේ මැනිලාහි අයෙකු වන අතර යූන්චේ ජියුන්ග් දකුණු කොරියාවේ ඉපදී හැදී වැඩුණු තරුණියකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart