
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඓතිහාසික ගල්කිස්ස හෝටලය නිර්මාණය කිරීම පිටුපස ඇති සත්‍ය කතාවක් පාදක කරගනිමින් රචනා කරන ලද ‘ලොවීනා’ ගීතය ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න විසින් රචනා කර ඇත.
ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, ජෙනරල් කමල් ගුණරත්න විසින් රචනා කරන ලද නව ගීතය ජූලි 14 වන දින ගල්කිස්ස හෝටලයේ සංවිධානය කර තිබූ උත්සවයකදී නිකුත් කරන ලදී.
‘ලොවීනා’ නමින් අලුතින් එළිදක්වන ලද මෙම ගීතය ඓතිහාසික ගල්කිස්ස හෝටලයේ නිර්මාණයට පසුබිම් වූ සත්‍ය කතාවක් පාදක කරගනිමින් රචනා කර ඇති අතර, කලාකරුවෝ වන චිත්‍රාල් සෝමපාල සහ කාංචනා අනුරාධි ගායනා කරති.
ජෙනරල් කමල් ගුණරත්න ගීත රචකයෙක්, කවියෙක් සහ පොත් කතුවරයෙක්ද වෙයි.
ඔහු ගීත 25 කට වැඩි සංඛ්‍යාවක් රචනා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart