
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ 2026 ලෝක කුසලානය ඔහුගේ අවසාන ලෝක කුසලාන තරගාවලිය බව තහවුරු කර තිබේ.
තමන් තරග කළ සමාජය සහ රට වෙනුවෙන් ගෝල 953ක් ලබා ඇති 40 හැවිරිදි රොනාල්ඩෝ වසරක් හෝ දෙකක් තුළ පාපන්දු ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බව ද පැවසීය.
ලබන වසරේ කැනඩාව, මෙක්සිකෝව සහ එක්සත් ජනපදය යන රටවල පැවැත්වෙන ලෝක කුසලානය රොනාල්ඩෝගේ හයවැනි ලෝක කුසලානය වනු ඇත.
රියාද්හි පැවති ටුවරිස් සමුළුවේ සම්මුඛ සාකච්ඡාවකදී, 2026 ඔහුගේ අවසන් ලෝක කුසලානය වේදැයි විමසූ විට, රොනාල්ඩෝ පැවසුවේ “නිසැකවම, ඔව්. මට වයස අවුරුදු 41ක්, මම හිතන්නේ මේක තමයි වෙලාව,” යනුවෙනි.
සෞදි අරාබියේ අල්-නසර් සමාජය සඳහා ක්‍රීඩා කරන රොනාල්ඩෝ, වෘත්තීය ගෝල 1,000ක සන්ධිස්ථානයක් හඹා යමින් සිටින්නේ, පිරිමි අන්තර්ජාතික ගෝල 143ක් ලබා ගනිමින් සර්වකාලීන ප්‍රමුඛයා බවට පත්ව සිටියදීය.
මීට පෙර මැන්චෙස්ටර් යුනයිටඩ්, රියල් මැඩ්රිඩ් සහ ජුවෙන්ටස් සමාජ සඳහා ක්‍රීඩා කර ඇති ඔහු ‘ඉක්මනින්’ විශ්‍රාම යන බව පසුගිය සතියේ පැවසූ නමුත් අඟහරුවාදා තහවුරු කළේ එය ඉදිරි වසර කිහිපය තුළ සිදුවනු ඇති බවයි.
“ඇත්තම කිව්වොත්, මම ඉක්මනින්ම කියලා අදහස් කරන්නේ මම තවදුරටත් ක්‍රීඩාවේ රැඳී සිටින්නේ වසරක් හෝ දෙකක් පමණයි කියන එක,” ඔහු පැවසීය.
රොනාල්ඩෝ පෘතුගාලයට යුරෝ 2016 ශූරතාව දිනා ගැනීමට උදව් කළ ක්‍රීඩකයෙකි.
බැලන් ඩි’ඕර් සම්මානය පස් වතාවක් ජයග්‍රාහණය කර ඇති රොනාල්ඩෝගේ සම්මාන කැබිනට්ටුවට තවමත් ලෝක කුසලානයක හිඩැසක් පවතී.
ඔහු සිටින කණ්ඩායම ලබන වසරේ තරඟාවලියට තවමත් සුදුසුකම් ලබා නොමැති නමුත් බ්‍රහස්පතින්දා අයර්ලන්තය පරාජය කළහොත් ඔවුන්ගේ ස්ථානය තහවුරු කර ගනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart