
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැලිගම ප්‍රාදේශීය සභාව සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයකු ලෙස සමීර ධනුෂ්ක ද සිල්වා පත් කිරීම නිවේදනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව ඔහු මිදිගම බටහිර අංක 07 බලප්‍රදේශය නියෝජනය කරයි.
සමගි ජන බලවේගය නියෝජනය කළ ලසන්ත වික්‍රමසේකරගේ අභාවයෙන් පසු ඇති වූ පුරප්පාඩුවට ඔහු පත්ව සිටී.
පළාත් පාලන ආයතන මැතිවරණ ආඥා පනතේ 66A(1)(a) වගන්තියට අනුව, වැලිගම ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරි පුලස්ති සේරසිංහ පතිරණ අදාළ දේශපාලන පක්ෂයේ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේ දින තිහක් ඇතුළත පුරප්පාඩුව පිරවීම සඳහා එම පක්ෂයෙන්ම සුදුසුකම් ලත් සාමාජිකයකු නම් කරන ලෙසයි.
පසුව සමගි ජන බලවේගයේ මහ ලේකම්වරයා විසින් පුරප්පාඩුව පිරවීම සඳහා තුප්පහි පටබැඳිගේ සමීර ධනුෂ්ක ද සිල්වා නම් කළේය.
ඒ අනුව තේරීම් භාර නිලධාරී පී.එස්. පතිරණ විසින් වැලිගම ප්‍රාදේශීය සභාවේ මිදිගම බටහිර, අංක 07 බල ප්‍රදේශයේ මන්ත්‍රීවරයා ලෙස සමීර ධනුෂ්ක ද සිල්වා තේරී පත් වූ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.
වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලසන්ත වික්‍රමසේකර ඔක්තෝබර් 22 වැනිදා ඔහුගේ කාර්යාලය තුළදී වෙඩි තබා ඝාතනය කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart