
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උතුරු පළාතේ හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු මෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයේ ග්‍රන්ථ ප්‍රකාශන අංශයේ සේවය කොට විශ්‍රාම ගිය තිරුඥානම් ජෝන් ක්වින්රස්ගේ මළසිරුර මන්නාරමේ සිප්පියාරූ ප්‍රදේශයේ පිහිටි දේවස්ථාන භූමියක තිබී 10 වැනිදා සොයාගෙන තිබේ.
මියගිය තිරුඥානම් ජෝන් ක්වින්රස් දේවස්ථාන භූමියේ වැටී සිටින අයුරු දුටු ගම්වාසීන් පිරිසක් ඒ බව ඉලුප්පකඩවෙයි පොලිසියට දැනුම්දීමෙන් පසුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඒ අනුව මියගිය පුද්ගලයා හඳුනාගැනීමට පොලිසියට හැකි වී ඇති අතර පොලිසිය ඒ බව නිවැසියන්ට දැනුම් දී තිබේ.
හැට හැවිරිදි ඔහු සිද්ධිය වූ දිනයේදී සිය වාහනයෙන් දේවස්ථානයට ගිය බව පවුලේ උදවිය පොලිසියට ප්‍රකාශ කර තිබේ.
එහෙත් ඔහු ආපසු පැමිණීමට ප්‍රමාදවීම නිසා ඔහු ගැන විපරම් කොට බලන විට පොලිසියෙන් නිවසට පණිවුඩයක් ලැබුණු බවද පවුලේ උදවිය පවසා ඇත.
ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
පොලිසිය දැනට සැක කරන්නේ සර්පයකු දෂ්ට කිරීම නිසා හෝ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මේ මරණය සිදුවන්නට ඇති බවයි.
කෙසේවෙතත් ඔහුගේ මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීම පිණිස මෘත දේහය මන්නාරම රෝහල වෙත භාර දී ඇත.
ඉලුප්පකඩවෙයි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart