
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සල්මන් ආගාගේ සටන්කාමී ශතකය සහ හරිස් රවුෆ් ලබාගත් කඩුලු 4ත් සමග ඊයේ රාවල්පිණ්ඩි හි පැවැති පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු හයකින් පරාජය කිරීමට පාකිස්තානය සමත් විය.
ආගා පන්දු 87 කදී නොදැවී ලකුණු 105 ක් රැස් කළ අතර, පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය ලකුණු 299-5 ක් ලබාගත්තේය.
රවුෆ් පන්දු යැවීමේදී ලකුණු 61ට කඩුලු 4 ක් ලබාගනිමින් අවසානයේ ශ්‍රී ලංකාව ඕවර 50 කදී කඩුලු 9-293 කට සිමාකළේය.
එමඟින් තරඟ තුනකින් යුත් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායමට 1-0 ක් ලෙස පෙරමුණ ලැබිණි.
මේ අතර පාකිස්තානයේ ඉස්ලාමාබාද් හි මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලවූ අතර, ඉන් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබිණි.
ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම වටා ආරක්ෂාව වැඩිකර ඇති බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසීය.
ඊයේ පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීම සඳහා පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව පාකිස්තාන ලකුණු පුවරුව ලකුණු 14ක් ලෙස දිස්වෙද්දී පළමු කඩුල්ල ලෙස සයිම් අයුබ් ලකුණු 6කට දවා ගන්නට අසිත ප්‍රනාන්දු සමත් වුණි.
පාකිස්තා මුල් කඩුලු 4 ලකුණු 95ක් තුල දැවී ගියත් 5වැනි කඩුල්ලට ලකුණු 138 සබඳතාවක් ගොඩ නගන්නට සල්මන් අගා සහ හුසේන් තලාත් සමත් විය.
එම සබඳතාව බිඳ වැටුණේ හුසේන් තලාත් ලකුණු 62කට දැවී යාමත් සමඟය.
ඒ අතර වාරයේදී සිය එක්දින දිවියේ දෙවැනි ශතකය රැස්කිරීමට සල්මන් අගා සමත් විය.
6 වැනි කඩුල්ලට නොබිදුණු ලකුණු 66ක සබඳතාවක් එක්කල සල්මන් අගා සහ මොහොමඩ් නවාස් පාකිස්තාන ලකුණු පුවරුව
පන්දුවාර 50 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 299ක් ලෙස සටහන් විය.
සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ සල්මන් අගා නොදැවී ලකුණු 105යි.
පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 3ක් දවාගත්තේය.
ලකුණු 300ක ලකුණු පුවරුවක් හඹායාම සඳහා ශ්‍රී ලංකා ඉනිම ඇරඹුවේ පැතුම් නිස්සංක සමඟින් කමිල් මිෂාරයි.
කමිල් මිෂාර ලකුණු 38කට දැවී යද්දී කුසල් මෙන්ඩිස්ව ලකුණු නොලබා නැවත විවේකාගාරය වෙත හරවා යවන්නට හැරිස් රවුෆ් සමත් වුණා.
පැතුම් නිස්සංකට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 29ක් පමණි.
සදීර සමරවික්‍රම ලකුණු 39ක් රැස්කළ අතර කමිල් මිෂාරා ලකුණු 38ක් රැස්කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට නියමි පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී රැස්කර ගැනීමට හැකි වුණේ ලකුණු 293ක් පමණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart