
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් විසින් අං සහිත නව මීමැසි විශේෂය සොයාගෙන තිබේ.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ, එම මීමැස්සා යක්ෂයකුට සමාන අං සහිත ‘ලුසිෆර්’ මීමැස්සෙක් ලෙස හඳුනාගෙන ඇති බවයි.
පර්ත් නගරයේ සිට කිලෝමීටර් 470 ක් නැගෙනහිරින් බටහිර ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්ෆීල්ඩ්ස් කලාපයේ බ්‍රෙමර් කඳු වැටිවල පමණක් වැඩෙන දුර්ලභ වන මලක් නිරීක්ෂණය කරන අතරතුර පර්යේෂකයන් Megachile (Hackeriapis) lucifer නමැති මෙම මීමැසි විශේෂය සොයාගෙන තිබේ.
පර්යේෂකයින් පවසන පරිදි, මෙම කැපී පෙනෙන අං වැනි කොටස් ගැහැණු මී මැස්සන්ට පමණක් ඇති අතර, ඒවා ආරක්ෂක යාන්ත්‍රණයක් ලෙස සහ පරාග හෝ මල් පැණි එකතු කිරීමට භාවිත කරනු ලබයි.
අධ්‍යයන කණ්ඩායමේ ප්‍රධාන විද්‍යාඥවරිය වන කිට් ප්‍රෙන්ඩර්ගාස්ට් පවසන්නේ, මෙම සොයාගැනීම සිදුකරන විට ‘නෙට්ෆ්ලික්ස්’ හි එම නමින්ම වැඩසටහනක් නරඹමින් සිටි බැවින් ලුසිෆර් යන නම භාවිතා කිරීමට තමා පෙළඹුණු බවයි.
මෙම මී මැසි කාණ්ඩයේ වසර 20 කට පසුව සොයාගැනුණු පළමු නව සාමාජිකයා එම මී මැස්සිය බව ඇය තවදුරටත් පවසයි.
ලතින් භාෂාවෙන් ‘ලුසිෆර්’ යනු ‘ආලෝකය ගෙන එන්නා’ යන අර්ථයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart