
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
1997 අංක 7 දරන ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකු පනත යටතේ සංස්ථාගත කර ඇති ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කර ඇති බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වේ.
නිවාස සඳහා අරමුදල් සැපයීම සහ ඊට අදාළ අනෙකුත් සේවා සැපයීම එහි මූලික අරමුණ වේ.
1975 අංක 13 දරන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු නීතිය යටතේ ස්ථාපිත කර ඇති රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව පූර්ණ වශයෙන් රජයට අයත් බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වන අතර, එමඟින් නිවාස සම්බන්ධිත උකස් ණය පහසුකම් සපයනු ලැබේ.
මෙම බැංකු ද්විත්වයම කුඩා වෙළෙඳපොළ කොටසක් සහිත සාපේක්ෂව කුඩා මූල්‍ය ආයතනයන් වේ.
තැන්පතු රැස් කිරීමේ සීමිත ධාරිතාව, දුර්වල ලාභදායීත්වය, අවම ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අවශ්‍යතා සපුරාලීමට ඇති නොහැකියාව හේතුවෙන් එකී බැංකුවල වත්මන් ව්‍යාපාර ආකෘති තිරසර නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පෙන්වා දී තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නංවමින්, සමස්ත බැංකු අංශයේ ස්ථාවරත්වය සහතික කිරීම සහ තැන්පත්කරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම යන අරමුණු සහිතව, ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ රජය සතු සියලු කොටස් හිමිකම ලංකා බැංකුව වෙත අත්පත් කරගෙන ලංකා බැංකුවේ අනුබද්ධිත ආයතනයක් ලෙස මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යෑමට රජය තීරණය කර ඇත.
එසේම රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සියලු කොටස් මහජන බැංකුව වෙත අත්පත් කරගෙන එම බැංකුවේ අනුබද්ධිත ආයතනයක් ලෙස මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමටත් හැකි වන පරිදි අදාළ බැංකු විසින් අවශ්‍ය පියවර ගැනීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart