
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දක්ෂිණ අධිවේගී මාර්ගයට නීතිවිරෝධී ලෙස ඇතුළු වී යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයකු පොලිස් භාරයට ගෙන තිබේ.
කළුතර – මතුගම මාර්ගයේ පැමිණි සැකකරු දොඩම්ගොඩ පිවිසුම් ස්ථානයෙන් මාතර දෙසට අධිවේගී මාර්ගයට ඇතුළු වී වැලිපැන්න දෙසට ගමන් කිරීමට උත්සාහ කර ඇත.
සැකකරු පසුපස ලුහුබැඳ ගිය පොලිස් නිලධාරීන් පිරිසක් පසුව අතරමඟදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු අධික ලෙස බීමත්ව සිට ඇති බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇත.
ඔහු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා දොඩම්ගොඩ පොලිසියට භාරදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart