
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාසල් තුළ මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ තොරතුරු ලබා දීම සඳහා හඳුන්වා දී ඇති 1818 ක්ෂණික දුරකථන අංකය හරහා මත්ද්‍රව්‍ය භාවිතය, විකිණීම සහ ජාවාරමට අදාළ පැමිණිලි 800කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසීය.
මෙම පැමිණිලි 800 පසුගිය දින හතර තුළ ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේය.
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (9) පැවති රටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ අරමුණින් යුත් ‘රටම එකට’ ජාතික වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික් මෙහෙයුම් වැඩසටහනට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
“අපට පාසල්වලින් තොරතුරු ලැබී තිබෙනවා. 1818 හදිසි ක්ෂණික දුරකථන අංකය හඳුන්වා දීමෙන් පසු දින හතරක් ඇතුළත ඇමතුම් 800ක් පමණ ලැබී තිබෙනවා. අවශ්‍ය වැටලීම් සඳහා මේවා පොලිස්පතිවරයාට භාර දී තිබෙනවා. තොරතුරුවලින් විශාල කොටසක් ලැබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්,” අමාත්‍යවරයා පැවසීය.
“මෙම මෙහෙයුම දියත් කළ පළමු දින හතර ඇතුළත, පොලිසිය පුද්ගලයන් 5,300ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම මෙහෙයුම් අතරතුර, කොළඹ දිස්ත්‍රික්කය තුළ මත්ද්‍රව්‍ය සංසරණය සැළකිව යුතු විදිහට පුළුල්ව පවතින බව පැහැදිලි වුණා,” අමාත්‍ය ආනන්ද විජේපාල පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart